12th March 2025 00:13:39 Hours
මෙම වැඩසටහන 53 වන සේනාංකයේ සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහ කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය සහ සේවාවනිතා ශාඛාවේ අනෙකුත් සාමාජිකාවන්ගේ සංකල්පයක් මත සිදුකරන ලදී.
කමාන්ඩෝ රෙජිමේන්තුවේ දැනට රාජකාරි නියුතු නිලධාරි, සෙසුනිලයින්, සිවිල් සේවක මහතුන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් අතර දියවැඩියව වැළදිමේ අවධානය අවම කිරිම සහ දැනුවත් කිරිම මෙම වැඩසටහනෙහි අරමුණ විය. මෙම වැඩසටහන වෛද්‍ය චමරි පණ්ඩිතගේ සුව දිවිය පදනමෙහි වෛද්‍ය කණ්ඩායම විසින් පවත්වන ලද අතර, සෞඛ්‍ය සම්පන්න ජීවන රටා වෙනස්කම් කල්තියා හදුනාගැනිම තුළින් සෞඛ්‍ය වැඩිදියුණු කිරිම, දියවැඩියාව වැළදිමේ අවධානම අවම කිරිම, සමස්ථ යහපැවැත්ම වැඩිදියුණු කිරිම සදහා නිසි පෝෂණය ලබා ගැනිම, නිතිපතා ව්‍යායාම කිරිම තුලින් ශරීරයේ බර කළමනාකරණය කර ගැනිම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී.
මෙම වැඩසටහන තුලින් කමාන්ඩෝ පවුලේ සෞඛ්‍ය සහ සුභසාධනය යන කරුණු කෙරෙහි ඔවුන්ගේ අවධානය හා කැපවීම පිළිබිඹු වන අතර, මෙය කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව වෙතින් සිදුකරනු ලබන පුළුල් සමාජ සුභසාධන වැඩසටහනකි.