Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

කල නොහැක්කක් නොමැත

10th April 2024 12:06:25 Hours

2024 කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් පවත්වන ලද සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය 2024 ක් වු බක් මස 06 වන දින කමාන්ඩෝ රෙජිමේන්තු පිහිනුම් තඨාක පරිශ්‍රයේදී විචිත්‍රවත් අන්දමින් පවත්වන ලදී. මෙම උත්සවය සිංහල හා දෙමළ සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කරන විවිධ සංස්කෘතික අංගයන්ගෙන් විචිත්‍රවත් විය.

යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වු අතර, සිංහල ජනතාවගේ සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් සංකේතවත් කිරීම සඳහා පාරම්පරික සිංහල ගැමි ගෙදරක් මෙන්ම ඊට අදාල අංගෝපංගයන් හා සිංහල සිරිත්විරිත් පැමිණ සිටි සියළුම දෙනාට දැකගැනීමට අවස්ථාව සලසා තිබීම විශේෂ ලක්‍ෂණයක් විය. මීට අමතරව සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සවයක සතුවිය යුතු සියළුම ජන ක්‍රීඩා හා විනෝදජනක අවස්ථාවන් වලින් පොහොසත් වු අසිරිමත් බක්මහ සැණකෙළියක අසිරිය කමාන්ඩෝ රෙජිමේන්තු බක්මහ අසිරිය තුලින් පැමිණ සිටි සියළුදෙනාටම දැකගැනීමට හැකි විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්එල්විඑම් ලියනගේ ආර්ඩබලිවිපි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්ප්‍රාප්තිය කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා අලුත් අවුරුදු උත්සවයේ අගය තව දුරටත් වැඩි කල අතර, තරඟ ජයග්‍රාහකයන් හා රෙජිමේන්තුවේ සිවිල් සේවක මහත්වරුන් වෙනුවෙන් සුදානම්කර තිබූ විශේෂ ත්‍යාගයන් පිරිනැමීම සඳහාද යුද්ධ හමුදාධිපති තුමන්ගේ එක්වීම මෙම උත්සවයේ අභිමානය ඉහල නැංවීමට හේතුවිය.

මෙම අවස්ථාවට රෙජිමේන්තුව නියෝජනය කරමින් කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පිජිපිඑස් රත්නායක ආර්ඩබලිවිපි ආර්එස්පි එන්ඩිසි, මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පි, මධයස්ථාන සේනාවිධායක බ්‍ර්ගේඩියර් බිඑම්එස්කේකේ ධර්මවර්ධාන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි, කමාන්ඩෝ රෙජිමේන්තු බළසේනාවේ බළසේනාධිපති බ්‍ර්ගේඩියර් කේවිඑල්අයි ජයවිර යුඑස්පි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ කොනොනින් හා කොනොනින් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද සිවිල් සේවක මහතුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද මෙම උත්සවය සදහා සහභාගි විම විශේෂ ලක්ෂණයක් විය.