Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

කල නොහැක්කක් නොමැත

29th November 2023 07:47:44 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත කමාන්ඩෝ රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ ප්‍රගුණ වෙඩික්කරු පහුණු පාසලේ සේනාවිධායක ධූරයේ අවසන් වරට රාජකාරි කටයුතු සිදුකල බ්‍රිගේඩියර් ජේ එම් එස් ජි බි ජයමහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 24) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

වැඩසටහන් පෙලගැස්මේ මුලික අංගය ලෙස කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ජේ එම් එස් ජි බි ජයමහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් වන බ්‍රිගේඩියර් බි එම් එස් කේ කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකල අතර, එතුමන් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ දිවංගත වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පුදකළේය.

තවද එම අවස්ථාව සනිටුහන් කරමින් විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රෙජිමේන්තුවේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කීපයකටද පෙනී සිටි අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් සියළු නිලයින් ඇමතීමෙන් අනතුරුව සියළු නිල තේපැන් සංග්‍රහයක් සඳහාද එක් වූහ ඉන් පසු සියළු නිලයින්ගේ ආචාරයන් මැද කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් නිකම ගිය අතර, එදින රාත්‍රීයේදි නිලධාරි නිවස්න භෝජන සංග්‍රහයක්ද සම්ප්‍රදායනුකුල ලෙස භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්ද සහභාගී වූහ.

ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සව අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිනධායක, බ්‍රිගේඩියර් බි එම් එස් කේ කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති කේ වි එල් අයි ජයවීර යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ.