Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

නොහැක්කක් නොමැත

21st November 2025 11:21:49 Hours

මේජර් ජෙනරාල් නිලයට නිල උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් කේ වී අයි එල් ජයවීර යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙනුවෙන් පැවති සම්මාන උත්සවය

මේජර් ජෙනරාල් කේ වී අයි එල් ජයවීර යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම වෙනුවෙන් ගෞරවය දැක්වීම සදහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට 2025 නොවැම්බර් මස 11 වන දින උත්සව මාලාවක් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය - ගණේමුල්ල කදවුරේදී පවත්වන ලදී. මෙම අවස්ථාවෙදී කමාන්ඩෝ රෙජිමේන්තු සම්ප්‍රදාය අනුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට කමන්ඩෝ රෙජිමේන්තුව වෙනුවෙන් විශේෂිත වු ගෞරවයක් පිරිනමනු ලැබීය.

ඒ අනුව, මේජර් ජෙනරාල් කේ වී අයි එල් ජයවීර යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේනාවිධායක වශයෙන් කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් ආර් ආර් සී කරුණාරත්න ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගැනීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී කඳවුරු මුරයකින් සහ සම්මාන මුරයකින් ගෞරවාන්විතව පිළිගනු ලැබීය.

ඉන්පසු, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි කමාන්ඩෝ යුධ විරුවන්ගේ අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරමින් මවුබිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයන් සිදුකරන ලද කමාන්ඩෝ විරුවන්ට තම ගෞරවය පුදකිරිමෙන් අනතුරුව නිලධාරි නිවස්නය ඉදිරිපිට දී නිලධාරීන් සමගින් සාමුහික ඡායාරූපයකටද පෙනී සිටින ලදි.

පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙරුන් ලෙගසි දේශන ශාලාවේදී කමාන්ඩෝ සාමාජිකයින් අමතමින් ඔවුන් තම වසර තිහකට අධික සේවා කාලය සිහිගන්වමින් තම යුධ හමුදා ජීවිතයේ සාර්ථකත්වයට දායකත්වය දැක්වු කමාන්ඩෝ ප්‍රවීණයන්ට, ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට, නිලධාරීන්ට, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ට සහ කොමිෂන් නොලත් නිලධාරීන්ට ඔහුගේ හදපිරි කෘතඥතාවය පළ කරන ලදි. එසේම, කමාන්ඩෝ සාමාජිකයෙකු වශයෙන් තම ගෞරවය රැකගැනීමට හා එකමුතුවභාවයකින් යුතුව එකට වැඩ කිරීමේ වැදගත්කම දැඩිව අවධාරණය කරමින් හරවත් දේශණයක් පවත්වන ලද අතර, පසුව සියලු නිලයන් එක්ව කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රය සඳහා සහභාගී වන ලදි.

තවද, මෙම අවස්ථාවට කමාන්ඩෝ බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් යූ එස් පිලපිටිය ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා ඇතුලු රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු මෙන්ම කමාන්ඩෝ නිලධාරීන් සහ සෙබළුන්ගේ සහභාගීත්වයෙන්, මේජර් ජෙනරාල් නිලයට උසස් වීම් ලද කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් ගෞරවය පුදකරන ලද විශේෂිත වූ අවස්ථාවක් වශයෙන් පෙන්වා දිය හැකිය.