Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

කල නොහැක්කක් නොමැත

28th November 2023 09:56:50 Hours

මේජර් ජෙනරාල් නිලයට උසස්විම් ලැබු මේජර් ජෙනරාල් මධුර වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත කමාන්ඩෝ රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2023 නොවැම්බර් 14 වන දින මේජර් ජෙනරාල් තනතුර සදහා උසස්වීම් ලද මේජර් ජෙනරාල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත කමාන්ඩෝ රෙජිමේන්තු වෙතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අගහරුවාද (නොවැම්බර් මස 14) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

වැඩසටහන් පෙලගැස්මේ මුලික අංගය ලෙස කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් මධුර වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් වන බ්‍රිගේඩියර් බි එම් එස් කේ කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත භටපිරිස් විසින් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි. පසුව රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ මිය ගිය වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර සිදු කරන ලදි.

තවද එම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරාල් නිලයට උසස්විම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රෙජිමේන්තුවේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කීපයකටද පෙනී සිටි අතර, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් සියලුම කමාන්ඩෝ භටයින් ඇමතීමට කටයුතු කළේය. ඔහුගේ කෙටි දේශනයේදී වසර 33 කට වැඩි කාලයක් පුරා දිවෙන තම හමුදා දිවිය සිහිපත් කළ අතර, තම සාර්ථක හමුදා දිවියට ඉමහත් දායකත්වයක් ලබා දුන් සියලුම කමාන්ඩෝ ප්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සියළුම සෙසුනිලයින් වෙත ප්‍රණාමය පලකල අතර, ඵලදායී හමුදා ජීවිතයක් සඳහා කමාන්ඩෝ භටයෙකු ලෙස කීර්තියක් ගොඩනැගීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. අනතුරුව සියලුම නිලයන් සමග මෙරූන්ස් ක්ලබ් හවුස් පරිශ්‍රයේ චාරිත්‍රානුකූල තේ පැන් සංග්‍රහයක් සදහ සහභාගි වන ලදි.

ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සව අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිනධායක, බ්‍රිගේඩියර් බි එම් එස් කේ කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති කේ වි එල් අයි ජයවීර යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදි.