Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

කල නොහැක්කක් නොමැත

27th July 2024 17:58:16 Hours

මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය වෙත පවත්වන ලද ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මුලික පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලි උත්සවය

ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ ක්‍රියාන්විත සදහා පුරෝගාමීන් හා ජාත්‍යන්තරය තුල කමාන්ඩෝ රෙජිමේන්තුව ලබාගෙන ඇති කීර්ති නාමය අනුව මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ නිලධාරීන් 03 ක් හා සෙසුනිලයින් 14 දෙනෙකු සදහා ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ මුලික පාඨමාලාව 2024 අප්‍රේල් මස 22 වන දින සිට 2024 මැයි මස 31 දින දක්වා ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කදවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙදින විසිරයාමේ පෙලපාලි උත්සවයේ ආරධිත අමුත්තා වශයෙන් 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති හා කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පී ජී පී එස් රත්නායක ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමා සහභාගී වන ලදී.

දින 40 ක් පුරා පැවැත්වු මෙම පාඨමාලාවේ ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ ක්‍රියාන්විත සොල්දාදුවෙකු සතු විය යුතු මුලික සිද්ධාන්තයන් පිළිබදව පුහුණුවීම් සිදුකරන ලදී. එහිදී ශාරීරික යෝග්‍යතාවය, පිස්තෝල ඇතුළු අවි පරිහරනය, ක්‍රියාන්විතයේදී තුවාල ලැබුවන්ට උපක්‍රමිකව ප්‍රතිකාර කිරීම, මුලික ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ ක්‍රියා පිලිවෙත්, කඹ ආධාරයෙන් උස් ගොඩනැගිලි වල සිට සහ ගුවන් යානා මගින් ක්‍රියාන්විත සදහා අවතීර්ණ වන “රැප්ලින්” පුහුණුවීම්, සමීප සටන් ක්‍රම සහ වාහන ආධාරයෙන් සිදු කරනු ලබන ක්‍රියාන්විත සදහා මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ පුහුණුවීම් සිදුකරන ලද ශිෂ්‍ය නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත සිද්ධාන්ත සහ ප්‍රායෝගික පුහුණුව ලබාදෙන ලදී.

2024 මැයි මස 31 වන දින පැවැති විසිරයාමේ පෙළපාලි උත්සවයට මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර්, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බිගේඩියර් බී එම් එස් කේ කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී මෙන්ම කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බිගේඩියර් කේ වී අයි එල් ජයවීර යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ද සහභාගී වන ලදී.