Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

කල නොහැක්කක් නොමැත

26th July 2024 12:33:44 Hours

පාකිස්ථානු මහ කොමසාරිස් තුමාගේ කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන නිල සංචාරය

වර්ෂ 2006 අගෝස්තු මස 14 වන දින කොල්ලූපිටිය ප්‍රදේශයේදී එවකට පාකිස්ථානු මහ කොමසාරිස් තුමා ඉලක්ක කොට එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් විසින් සිදුකරන ලද ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබු සෙබළුන් හට උපහාර දැක්වීම සදහා වත්මන් පාකිස්ථානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිම් උල් අසීස් ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමා 2024 මැයි මස 30 වන දින කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණෙන ලදී.

මෙහිදී මෙම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය කමාන්ඩෝ රෙජිමේන්තුවේ එවකට සැරයන් සමන් කුමාර ඊජි, කෝප්‍රල් චින්තක පීජිඒ ආර්එස්පී, කෝප්‍රල් ප්‍රේමජයන්ත එම්කේජිඑස් ආර්එස්පී හා ශ්‍රී ලංකා සංඥා රෙජිමේන්තුවේ කෝප්‍රල් සිසිර ජයනන්දන එස්පී යන වීරෝධාර විරුවන්ගේ අප්‍රතිහත ජීවිත පරිත්‍යාගයෙන් එවකට පාකිස්ථානු මහ කොමසාරිස් වරයා වු අතිගරු බෂීර් වලි මොහොමඩ් මහතා නිරුපද්‍රිතව එම ස්ථානයෙන් වහා ආරක‍ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු සිදුකරන ලදී. මෙහිදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ එවකට සැරයන් බංඩාර එම්ටීඑන්එස් යන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී දරුනු ලෙස තුවාල සිදුවීම හේතුවෙන් දීර්ඝ කාලීනව රෝහල් ගතව ප්‍රථීකාර ලබා මේ වන විට වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් ඇත.

මෙහිදී 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති හා කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පී ජී පී එස් රත්නායක ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී එම් එස් කේ කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී මෙන්ම කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ වී අයි එල් ජයවීර යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් මෙම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය රණවිරුවන්ගේ පවුල්වල ලගම ඥාතීන් හා තුවාල ලබා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී එදින කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත කැදවා පාකිස්ථානු මහ කොමසාරිස් තුමා විසින් කෘතගුණ සැලකීමක් වශයෙන් ඔවුන්ගේ සුවදුක් විමසා එම රණවිරුවන් විසින් තම ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරන ලද එම වීර ක්‍රීයාව ඇගයීමට ලක්කර ඔවුන් හට ත්‍යාග පරිත්‍යාගයක් සිදුකරන ලදී