Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

කල නොහැක්කක් නොමැත

05th July 2025 14:37:03 Hours

විශ්‍රාම දිවිය සාර්ථක කරගනිම උදෙසා පවත්වන ලද වැඩමුළුව

ශ්‍රි ලාංකිය මාතෘ භූමිය වෙනුවෙන් දශක තුනකට වැඩි කාලයක් පුරාවට පැවති යුද්ධය අවසන් කිරිම සදහා සක්‍රිය දායකත්වයක් ලබාදුන් කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉදුරාම බදවා ගැනිම් අංක 23ට අයත් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් හා කොමිෂන් නොලත් නිලධාරීන් 92 දෙනෙකු වසර 22 සේවා කාලය අවසන්කර විශ්‍රාම යාමට නියමිත බැවින් ඔවුන් හට කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් 2025.07.04 වන දින 0900 පැයේ සිට 1600 පැය දක්වා ඔවුන්ගේ විශ්‍රාම දිවිය සාර්ථක කර ගැනිම උදෙසා වැඩමුළුවක් සංවිධානය කරන ලදි.

මෙම වැඩමුළුව 53 වන සේනාංකයේ සේනාංකාධිපති හා කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරීන් සහ ව්‍යාවසායකත්ව සංවර්ධන නිලධාරීන් විසින් ව්‍යවසායකත්ව අවස්ථා, ව්‍යවසායකයකු වීමේ වැදගත් කම සහ ව්‍යවසායකත්වයට අවශ්‍ය දක්ෂතා සංවර්ධනය කිරීම පිළිබඳ විස්තරාත්මක දේශණ මාලාවක් පවත්වන ලදී. තවද මෙම වැඩමුළුවේ දෙවන අධියර ලෙස මහජන බැංකුව කඩවත ශාඛාවේ නිලධාරි මඩුල්ලක් විසින් විශ්‍රාම ලාභීන් සදහා ඇති ණය පහසුකම්, ණය කළමණාකරනය හා ව්‍යාපාර ආරම්භ කිරිම සදහා ණය පහසුකම් ලබාගත හැකි ආකාරයන් පිළිබඳව පරිපූර්ණ දේශණ මාලාවක් පවත්වන ලදී.

මේ සදහා කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්ආර් රාසික් ආර්එස්පි එන්ඩීයූ, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිතන් කර්නල් කේවිටිඑස් කැකැලාවල එල්එස්සි, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි විය.