31st January 2026 21:28:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 34 කට ආසන්න සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් ජේ ඩි සමරසේකර ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත ගෞරවාචාර පුදකිරීමේ විශේෂ උත්සවයක් 2026 ජනවාරි මස 25 වන දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
වැඩසටහන් පෙලගැස්මේ මුලික අංගය ලෙස කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් ජේ ඩි සමරසේකර ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම් එස් අයි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව, යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වෙත පුදකිරීමෙන් පසු කමාන්ඩෝ භට පිරිස් විසින් සම්මාන පෙළපාලියකින් ගෞරවාචාරය පුදකල කරන ලදී.
එතුමන් කමාන්ඩෝ රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ දිවංගත විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පුදකළේය. අනතුරුව මෙම උත්සව අවස්ථාව සනිටුහන් කරමින් විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයක් සඳහාද සහභාගී විය.
මේජර් ජෙනරාල් ජේ ඩි සමරසේකර ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින්, Maroon Legacy දේශණ ශාලාවේදී, සියලුම කමාන්ඩෝ නිලධාරීන් හා සෙසසුනිලයින් අමතමින් විශේෂ දේශනයක් පැවැත්විය. මෙහිදි ප්‍රධාන ලෙසම සියලුම කමාන්ඩෝවරුන් විසින් කමාන්ඩෝ සංස්කෘතිය සුරක්ෂිතව පවත්වාගෙන යාම සම්බන්ධව හා වසර 34 ක සේවා කාලය තුලදී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හට උදව් උපකාර කල දිවංගත විරෝදාර රණවිරුවන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් හට ස්තූතිය පළ කළේය.
ඉන් අනතුරුව නිලධාරි නිවස්නය තුලදි විශේෂ පුද්ගලයින් වෙනුවෙන් කර ඇති සමරු සටහන් පොතෙහි තම සමරු සටහන තබන ලදී, පසුව, කොනොනි සමාජ ශාලාවේ පැවති සියළු නිල තේපැන් සංග්‍රහය සඳහා සහභාගී වු අතර එහිදි සියළුම නිලයින් සමග සුහදත්වය වර්ධනය කරගත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සියළුම කමාන්ඩෝවරුන්ගේ ආචාරයන් මධ්‍යයේ ප්‍රධාන පිවිසුම වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත තම අවසන් ආචාරය පුදකලේය.
මෙම අවස්ථාවට 51 වන පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම් ආර් රසික් ආර්එස්පි එන්ඩියු, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ආර් ජි එල් කේ වීරකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි, කමාන්ඩෝ බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් යු එස් පිලපිටිය ආර්එස්පි යුඑස්පි පිඑස්සි හා කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම් එස් අයි අළුවිහාරේ අර්ඩබ්ලිව්පි ආර්එස්පි ඇතුළු කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.
පුරා දිනය තුල පැවති මෙම උත්සව මාලාවේ අවසන් අදියර ලෙස, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථනයේ නිලධාරි නිවස්නයේ විශේෂ සුහද හමුවක් සන්ධ්‍යා භාගයේදි පැවැත්විණි. මෙම උත්සව අවස්ථාව සඳහා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි, 22 වන පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් ඩී එල් එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් එස් පි වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි, හා අරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) හි බ්‍රිගේඩියර් (ප්‍රමානි) මේජර් ජෙනරාල් ජි එස් කේ පෙරේරා ආර්එස්පි සමගින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින් මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නිලධාරීන් විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී වූහ.
මෙම ගෞරවනීය උත්සවය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂිතම ඒකකය වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි ඉතිහාසයේ සදා අමරණීය නායකයෙකු වන මේජර් ජෙනරාල් ජේ ඩි සමරසේකර ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ගෞරවය, නායකත්වය සහ කැපවීම සනිටුහන් කළ අති විශිෂ්ඨ අවස්ථාවක් ලෙස සටහන් විය.