29th September 2025 10:03:56 Hours
කමාන්ඩෝ රෙජිමේන්තුව මගින් දිවංගත විදේශ කටයුතු අමාත්‍ය ගරු ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමාගේ 20 වන ගුණානුස්මරණ පිංකම නිමිති කොටගෙන 2025 සැප්තැම්බර් මස 16 වන දින අතුරුගිරිය මිගදාය බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්රාස්ත්රපති පුජ්‍යපාද මොරවක ශාන්ත ස්වාමින් වහන්සේ වැඩම කරවා සුමධුර ධර්ම දේශණයක් පවත්වා 2025 සැප්තැම්බර් මස 17 වන දින සංඝයා වහන්සේලා දසනමක් උදේසා හීල්දානය පිළිගන්වා පුන්‍යානුමෝදනා සිදුකරන ලදී.
මෙම පිංකම් මාලාව සඳහා දිවංගත ගරු ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමාගේ ආදරණිය බිරිද වන සුගන්ධි කදිර්ගාමර් මැතිණිය, 1 බලකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්ආර්සි කරුණාරත්න ආර්ඩබිලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගීවන ලදී.