Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

කල නොහැක්කක් නොමැත

24th February 2025 22:51:59 Hours

කමාන්ඩෝ සත්‍ය සටන් ක්‍රම පාඨමාලා අංක 06 සහතිකපත් හා නිල ලාංඡන පැලදවීමේ උත්සවය

කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි අධීක්‍ෂණය යටතේ 01 x 36 දෙනෙකුගෙන් සමන්විතව පවත්වන ලද කමාන්ඩෝ සත්‍ය සටන් ක්‍රම පාඨමාලා අංක 06 හි සහතිකපත් හා නිල ලාංඡන පැලදවීමේ උත්සවය කමාන්ඩෝ බළසේනා මුලස්ථානයේ අධීක්‍ෂණය යටතේ 2025 පෙබරවාරි මස 18 වන දින 1800 පැයට “මෙරූන් ලෙජසී” ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.

කමාන්ඩෝ සත්‍ය සටන් ක්‍රම යනු කමාන්ඩෝ සෙබළුන් ඔවුන්ගේ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කරමින් නවීන මෙහෙයුම් අවශ්‍යතාවලට අනුව උසස් සටන් ක්‍රමවලින් සන්නද්ධ කරන පරිවර්ථනීය මුලපිරීමකි.

කමාන්ඩෝ බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කේවිඅයිඑල් ජයවීර යූඑස්පී විසින් රචනා කරන ලද කමාන්ඩෝ සත්‍ය සටන් ක්‍රම උපදේශක අත්පොත නිල වශයෙන් එළිදැක්වීමත් මෙම උත්සවය සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම ග්‍රන්ථය බ්‍රිගේඩියර් කේවිඅයිඑල් ජයවීර යූඑස්පී විසින් කමාන්ඩෝ සෙබළුන්ගේ කාර්ය භාරයට අදාල විශේෂිත රාජකාරි ඉටුකිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් කැපවූ පර්යේෂණයක ප්‍රතිඵලයකි.

කමාන්ඩෝ සත්‍ය සටන් ක්‍රම පාඨමාලාව හදාරන ලද නිලධාරි/ සෙසුනිළයින්ගේ විශේෂ දක්‍ෂතා අගය කරමින් ප්‍රථම වරට කමාන්ඩෝ සත්‍ය සටන් ක්‍රම පාඨමාලාව සඳහා අනුමැතිය සහිත ප්‍රථම නිල ලාංඡනය ප්‍රධානය කිරීම මෙම උත්සවයේ තවත් විශේෂ අවස්ථාවක් ලෙස සනිටුහන් වන ලදි.

මෙම අභිමානවත් අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ‍කමාන්ඩෝ රෙජ‍ිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සහභාගි වු අතර, එම අවස්ථාව සඳහා නිලධාරීන් 27 දෙනෙකු සහ කමාන්ඩෝ සෙබළුන් 331 දෙනෙකු සහභාගි වන ලදි.