12th July 2025 19:33:10 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ මාසික රැස්වීම 2025 ජුනි 10 වන දින පැය 1400 ට කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී සේවාවනිතා ශාඛා සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ගැබිනි මව්වරුන් හට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩසටහන සැලසුම් කිරීම සහ ළමුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සැලසුම් කිරීම ඇතුළු ප්‍රධාන සුභසාධන කටයුතු කෙරෙහි මෙම රැස්වීමේදි අවධානය යොමු කළේය. ළමා දිනය සහ වාර්ෂික අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතිය වැනි ඉදිරි සිදුවීම් සඳහා මූලික සූදානම සමඟ මූල්‍ය යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කරන ලදී.
කමාන්ඩෝ රෙජ්මේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය, සියලුම සාමාජිකාවන්ගේ අඛණ්ඩ කැපවීම වෙනුවෙන් ස්තූතිය පුද කළ අතර, කමාන්ඩෝ රෙජිමේන්තු පවුල්වලට සහයෝගය දැක්වීමේදී කණ්ඩායම් හැඟීමේ වැදගත්කම මෙමගින් අවධාරණය කළාය.