Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

නොහැක්කක් නොමැත

22nd September 2025 09:17:45 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව විසින් පවත්වනු ලැබු ඉවුම් පිහුම් පිලිබද උපදේශණ වැඩසටහන

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව සහ 1 වන බළකායේ බළකාධිපති/කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ සේවාවනිතා ශාඛා සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ නායකත්වයෙන් 2025 අගෝස්තු මස 31 වන දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මෙරූන් ලෙගසි දේශණ ශාලාවේදි ඉවුම් පිහුම් පිලිබද පුහුණු වැඩමුළුවක් සාර්ථකව පවත්වන ලදී.

නිලධාරීන්, සෙසුනිලයන්, සිවිල් සේවක මහතුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරැන් සඳහා මෙම වැඩමුළුව විශේෂයෙන් සංවිධානය කරන ලද අතර, කෙටි ආහාර පිළියෙල කිරීමේදී ඔවුන්ගේ සූපශාස්ත්‍ර දැනුම සහ ප්‍රායෝගික කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙය පවත්වන ලදී. මෙම සැසිය පෞද්ගලිකව මෙහෙයවනු ලැබුවේ සේවාවනිතා ශාඛා සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය විසිනි. ඇය තම පුළුල් දැනුම සහ විශේෂඥතාව නොමසුරුව බෙදා ගත් අතර, සහභාගි වන්නන්ට වටිනා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම සහතික කරන ලදී.

මෙම වැඩසටහනට උද්යෝගිමත් සහභාගීත්වයක් ලැබුණු අතර, එහි ප්‍රායෝගික වටිනාකම අදාළත්වය සහ ස්වයං රැකියා අවස්ථා සඳහා සහාය වීමේ හැකියාව පිළිබඳව බෙහෙවින් පැසසුමට ලක්විය. සහභාගිවන්නන් ඉගෙනගත් කුසලතා තමන්ගේම කුඩා පරිමාණයේ සූපශාස්ත්‍ර ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා යොදා ගැනීමට දිරිමත් කරන ලද අතර, ඔවුන්ගේ නිර්මාණශීලිත්වය පෝෂණය කරමින් ආර්ථික වශයෙන් දායක වීමට ඔවුන්ට ශක්තිය ලබා දෙන ලදී.

සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ දැක්ම සහ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම මුලපිරීම, කමාන්ඩෝ රෙජිමේන්තු පවුලේ සුභසාධනය, කුසලතා සහ යහපැවැත්ම නඟා සිටුවීම සඳහා සේවාවනිතා ශාඛාවේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරන තවත් එක් පියවරකි.