Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

නොහැක්කක් නොමැත

03rd October 2025 16:58:06 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව මගින් අභිමංසල II ආබාධිත රණවිරුවන් පිළිගැනීම

1 වන බලකායේ බළකාධිපති කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අධික්ෂණය යටතේ සේවාවනිතා ශාඛා සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ නායකත්වයෙන් 2025 සැප්තැම්බර් මස 14 වන දින 1400 පැයට කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය ගනේමුල්ලහිදී, අභිමංසල II කඔුරුපිටිය ප්‍රථිකාර ලබන ආබාධිත රණවිරුවන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවේදී සේවාවනිතා ශාඛාවෙහි සාමාජිකයින් සමඟ එක්ව රණවිරුවන් හට සංග්‍රහ කිරීමෙන් සත්කාරකත්වය දැක්වූ අතර, රැකවරණය සහ අගය කිරීමේ සංකේතයක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ ඇසුරුම් බෙදා දීම සිදුකරන ලදී. සාමාජිකයින්ගේ සහභාගීත්වය උණුසුම් බවක් සහ සාමූහික කෘතඥතාව එක් කළ අතර, මෙම ජාතික වීරයන්ගේ අමිල කැපකිරීම් අගය කරමින් සහයෝගීතාවයේ සහ ගෞරවයේ වාතාවරණයක් නිර්මාණය කරන ලදී.

සමින්දි වික්‍රමරත්න මහත්මියගේ දැක්ම යටතේ සහ සේවාවනිතා සාමාජිකයින්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් සිදු කරන ලද මෙම සුභසාධන වැඩසටහන ජාතිය වෙනුවෙන් තම ජීවිත කැප කළ අය සඳහා අනුකම්පාව ගෞරවය සහ අඛණ්ඩ සහයෝගය පලකරන කරන අතර, රණවිරුවන්ගේ යහපැවැත්ම සඳහා සේවාවනිතා ශාඛාවේ ස්ථිර කැපවීම නැවත වරක් පෙන්නුම් කරන ලදී.