Header

Sri Lanka Army Service Corps

Serve with Dignity

 

28th July 2021 21:03:53 Hours

ශ‍්‍රී ලංකා යුද හමුදා සේවා බළකා සේවා වනිතා ඒකකය විසින් මින්නේරිය ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 150 ක් සදහා අවැසි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීම

මින්නේරිය අශෝකාරාමය විහාරස්ථානාධිපති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම මත එම විහාරස්ථානයේදී ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 150 ක් සදහා අවැසි අත්‍යාවශ්‍ය ද‍්‍රව්‍ය බෙදාදීම සිදුකරන ලදී. ඒ සදහා ශ‍්‍රී ලංකා යුද හමුදා සේවා බළකා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුම්ය නිශාන්ති අබෙිරත්න මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සහ මොබිිටෙල් ආයතනයේ අනුග‍්‍රාහකත්වය යටතේ 2021.07.25 දින එම අවශ්‍යතා ද‍්‍රව්‍ය විහාරස්ථානය වෙත භාරදීම හා ගම්වාසින් වෙත බෙදාදීම කොවිඩි 19 වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සදහා සෙඛ්‍ය අංශ වෙතින් නිකුත් කර ඇති උපදෙස් වලට අනුව සිදුකෙරුණි.

මෙම අවස්ථාව සදහා ශ‍්‍රීලයුසේබ බලකාධිපති සහ ආඥාපති ඉදිරි කඩත්තු පෙදෙස (නැගෙනහිර) මේජර් ජෙනරාල් ටී එම් අබේිරත්න ආර්එස්පී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ශ‍්‍රි ලංකා යුද හමුදා සේවා බළකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකු ද සහභාගි වන ලදී.