Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

9 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය

ශ්‍රී ලංකා සංඥා බලකායේ 9 වන රෙජිමේන්තුව 2008 ජූලි 15 වන දින පිහිටුවනු ලැබූ අතර, එහි ක්‍රියාකාරී සේවය අද දක්වා සිව් වසරක් වේ. සියලුම බලසේනා මූලස්ථාන, ඉදිරි ආරකෂක කලාපය (FMA) කිලිනොච්චි හා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියලුම බලඇණි සදහා අත්‍යාවශෂ්‍ය සම්බන්ධීකරනය සැපයීම මෙහිදී සිදු විය. වර්තමානයේදී කිලිනොච්චි වගකිවයුතු බල ප්‍ර‍දේශයේ ඉරණමඩු හි මෙම ප්‍රෙද්ශය පිහිටා ඇත.

2008 ජූලි 15 වන දින පනාගොඩහි ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී මේජර් DMDP දසනායක පළමු අණදෙන නිලධාරී තුමාගේ ආඥාව යටතේ මෙම ඒකකය පිහිටුවන ලදී. එහි ආරමුභයෙන් පසු මානුශීය මෙහෙයුම් අතරතුරේ දී 58 වන සෙනාංකයට සන්නිවේදනය සැපයීමේ අරමුනින් ඒකකය මන්නාරමේදී පිහිටුවන ලදී. මානුශීය මෙහෙයුම් අතරතුරේ දී සංකීර්ණ සහ කාලානුරූපී සන්නිවේදන උපදෙස් සහ පහසුකම් සැපයීමට නිලධාරීන් හා සෙසු නිලයින්ට හැකි වූ අතර එය පිහිටු වීමෙහි ආඥාපතිවරුන්ගේ ඇගයීමට ලක්විය. මානුශීය මෙහෙයුම් වලින් අනතුරුව ඒකකය ඉරණමඩු, කිලිනොච්චි හි පිහිටවූ අතර පරිපාලන සහ පුහුණුවීම් අංශවල අතිවිෂිශ්ඨ වර්ධනයක් ළගාකරගත හැකි වූයේ හිටපු අණදෙන නිලධාරීන්ගේ ආදර්ශමත් මගපෙන්වීම සහ නායකත්වය යටතේය.

මේජර් ඩීඑම්පීපී දසනායක 2008.07.15 - 2009.05.23
ලුතිතන් කර්නල් කේඒඩබ්ලිව්එස් රත්නායක 2009.05.23 - 2011.01.01
ලුතිතන් කර්නල් බීඩීසී ජයසිංහ පීඑස්සී 2011.01.01- 2012.10.23
ලුතිතන් කර්නල් සීපී අරන්ගල්ල පීඑස්සී 2012.10.23 - 2013.01.12
ලුතිතන් කර්නල් ඒපී වික්‍රමසේකර පීඑස්සී 2013.01.12 - 2014.06.20
ලුතිතන් කර්නල් ජීසීවී ප්‍රනන්දු 2014.06.21 - 2016.07.28
ලුතිතන් කර්නල් පීඩබ්ලිව්එම්එම්ඩී විජේරත්න ආර්එස්පී යූඑස්පි 2016.07.28 - 2018.08.04
ලුතිතන් කර්නල් එම්කේජී පෙරේරා ආර්එස්පී යූඑස්පි 2018.07.28 - 2020.08.07
ලුතිතන් කර්නල් එම්පීසීබී ජයශාන්ත යූඑස්පී 2020.08.08 - 2022.02.10
මේජර් බීඑම්එම්බී හේරත් ආර්එස්පී යූඑස්පි 2022.02.11
ලුතිතන් කර්නල් බීඑම්එම්බී හේරත් ආර්එස්පී යූඑස්පි 2022.05.18-මේ දක්වා