Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

6 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය ( RFT)

වසර 30 කට අධික කාලසීමාවක් පැවති කුරිරු යුද්ධය නිමා කිරිමට සක්‍රීයව දායකත්වයක් ලබාදුන් මෙම ඒකකය සංඥා බලකායේ දෙවන ආධාරක බළඇණිය ලෙස 1997 ජනවාරි මස 10 වන දින මන්නාරම ප්‍රදේශයේදී ආරම්භ කරන ලදි. ඉන්පසු වැලිඔය, චාවකච්චේරිය, පල්ලේපායි, මන්තිකායි, මිරිසුවිල්, කිලාලි, මුහමාලේ, අලිමංකඩ, සෙට්ටිකාඩු, යාපනය යන ප්‍රදේශයන්හි ක්‍රියාන්විත රාජකාරීන් සිදුකරමින් සාඩම්බර අතීතයකට උරුමකම් කියන මෙම ඒකකය ආධාරක බළඇණි රාජකාරීවලින් මිදී තොරතුරු තාක්ෂණ ඒකකයක් ලෙස 2014 ජුනි මස 16 වන දින ප්‍රතිව්‍යුහගත කරන ලද අතර, ඉන්පසු තොරතුරු තාක්ෂණ ඒකකයක් වශයෙන් යාපනය ප්‍රදේශයේ ස්ථානගතව 1 බලකාය, ආසේමු(යා), ආසේමු(වන්නි), ආසේමු(මුලතිව්) යන ආරක්ෂක සේනා බල ප්‍රදේශයන් තුල තොරතුරු තාක්ෂණ රාජකාරි ආවරණය කරමින් රාජකාරි ඉටුකරන ලදි.

ඉන්පසු මෙම ඒකකය 2023 මැයි මස 29 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සඳහා අවශ්‍ය සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ රාජකාරි ආවරණය කිරීම සඳහා මෙන්ම යුහමුහි ස්ථාපිත තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන පද්ධතින් නිසි අයුරින් පවත්වාගෙන යාමේ කටයුතු සිදු කිරීම සඳහා යුද්ධ හමුදා මුලස්ථානයේ ස්ථානගත කරන ලදී. වසර 27 කට අධික ඉතිහාසයකට උරුමකමක් ඇති මෙම ඒකකය මේ වන විට ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලය සහ 1 වන සංඥා බලසේනා මූලස්ථානයෙහි අධීක්ෂණය මත මේජර් එම්සී ටුක්කාවඩු යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අණදීම යටතේ 6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය (යුහමු) වශයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි ආවරණය කරමින් සිටියි.

ලුතිතන් කර්නල් සී විරතුංග 10.01.1997 - 09.07.1997
මේජර් එ්ආර් සමරසිංහ පීඑස්සී(වැඩ බලන) 10.07.1997 - 04.01.1998
ලුතිතන් කර්නල් සී විරතුංග 15.01.1998 - 09.06.1998
ලුතිතන් කර්නල් ඒඒ පෙරේරා යූඑස්පී 10.06.1998 - 13.01.2000
ලුතිතන් කර්නල් ඩබ්ලිව්පීයූ චන්ද්‍රසිරි පීඑස්සී 14.01.2000 - 02.07.2000
මේජර් ඩීඒපීඑන් දෙමටන්පිටිය පීඑස්සී (Officiating) 21.07.2000 - 17.01.2001
ලුතිතන් කර්නල් බීඑච්එම්ඒ විජේසිංහ පීඑස්සී 18.01.2001 - 17.07.2001
මේජර් ඩීආර් ධර්මසිරි (Officiating) 18.07.2001 - 17.11.2001
ලුතිතන් කර්නල් බීඑච්එම්ඒ විජේසිංහ පීඑස්සී 18.11.2001 - 02.05.2003
මේජර් ඩීඒපීඑන් දෙමටන්පිටිය පීඑස්සී (Officiating) 03.05.2003 - 22.11.2004
මේජර් ඩීආර් ධර්මසිරි (Officiating) 23.11.2004 - 30.11.2004
ලුතිතන් කර්නල් ඩීආර් ධර්මසිරි 01.12.2004 - 03.04.2006
මේජර් ආර්ඩී කරුණාරත්න (Officiating) 03.04.2006 - 13.07.2006
ලුතිතන් කර්නල් එන්පී ආකුරන්තිලක 13.07.2006 - 19.08.2008
ලුතිතන් කර්නල් එල්එස්පී පෙරේරා 19.08.2008 - 28.01.2009
මේජර් ඩීඑල් සරත්චන්ද්‍ර(Officiating) 28.01.2009 - 04.02.2009
ලුතිතන් කර්නල් ඩීඑල් සරත්චන්ද්‍ර 04.02.2009 - 28.07.2010
ලුතිතන් කර්නල් එම්පීජේඑස්කේ පටබැදිගේ 28.07.2010 - 29.10.2011
ලුතිතන් කර්නල් එස්එම්එච් ඉමදූවගේ ආර්එස්පී 05.03.2012 - 03.04.2014
ලුතිතන් කර්නල් සීපී අරන්ගල්ල පීඑස්සී 04.04.2014 - 11.02.2015
ලුතිතන් කර්නල් කේසී ප්‍රතාපසිංහ 11.02.2015 - 09.07.2016
ලුතිතන් කර්නල් එච්ඒඅයියූ හේවාආරච්චි 09.07.2016 - 12.09.2018
ලුතිතන් කර්නල් එම්ඒකේ ජයවර්ධන පීඑස්සී 13.09.2018 - 12.09.2020
ලුතිතන් කර්නල් එස්එච්එල්ඩී ප්‍රනාන්දු 13.09.2020 - 15.02.2022
ලුතිතන් කර්නල් ඩබ්ලිව්පීඩීඑන් අබේරත්න 16.02.2022
මේජර් එම්සි ටුක්කාවඩු 18.09.2023 - 08.09.2024
මේජර් එච්එම්ජීයුඅයිබී හේරත් යුඑස්පී පීඑස්සී 09.09.2024 - 19.02.2025
ලුතිතන් කර්නල් එච්එම්ජීයුඅයිබී හේරත් යුඑස්පී පීඑස්සී 20.02.2025 සිට මේ දක්වා

ඇමතුම් විස්තර

ස්ථාවර දුරකථන අංකය - 011-2993082
යුහ දිගුව - 50770 / 50771