Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

4 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය

4 වන සංඥා රෙජිමේන්තුව 1991 ජුනි 05 වන දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී ආරම්භ කරන ලද අතර, මෙම ඒකකය ආරම්භයේ සිට විවිධ ස්ථානයන්හි ස්ථානගතව සිට වර්ථමානයේ අනුරාධපුර පුජනීය නගරය කේන්ද්‍ර කර ගනිමින් ස්ථානගතව ඇති අතර, ඒකකය ආරම්භයේ සිට මේ දක්වා වසර 33 ක පෞඩ ඉතිහාසයකට උරුමකම් කියයි. සංඥා ඒකකයක් වශයෙන් දිවයින පුරා සන්නිවේදනය සහ අභ්‍යන්තර ආරක්ෂණ මෙහෙයුම් යන දෙයාකාරයෙන් වූ පූර්ව ස්ථානගත කිරීම් හේතුවෙන් මෙම ඒකකයේ සියලුම නිලධාරීන්/සෙසුනිලයින් උසස් වෘත්තීමය නිපුනතාවයකින් යුක්තව රාජකාරී කරනු ලබයි. ඒ අනුව මෙම ඒකකය 1991 වර්ෂයේ ජූලි මස සිට 1992 වර්ෂයේ ජනවාරි මස දක්වා මහනුවරද, 1992 වර්ෂයේ ජනවාරි මස සිට 1994 වර්ෂයේ අගෝස්තු මස දක්වා කල්ලඩි හි ද,1994 වර්ෂයේ අගෝස්තු මස සිට 1995 වර්ෂයේ ජූලි මස දක්වා පනාගොඩ හි ද, 1995 වර්ෂයේ සිට 2007 වර්ෂයේ දක්වා වාසවිලන් - පලාලි හි ද ස්කකයක් වශයෙන් ස්ථානගතව සිට වර්ථමානයේ ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) යටතේ අනුරාධපුරහි ස්ථානගතව ඇත. වසර 33ක අභීත ඉතිහාසයක් ඇති මෙම ඒකකය නගාසිටුවීම සහ ඒකකයක් වෙතින් ඉටුකල යුතු කාර්යයන් නොපිරිහෙලා ඉටුකරනු වස් පහත නම් සදහන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අණදෙන නිලධාරීන් වශයෙන් ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.

ලුතිතන් කර්නල් එචඑම් චිත්‍රරන්ජන් 1991.06.05 - 1993.07.30
ලුතිතන් කර්නල් වයිඑස්ඒ ද සිල්වා පීඑස්සී 1993.07.31 - 1996.01.10
ලුතිතන් කර්නල් එස්ඒපීපී සමරසිංහ පීඑස්සී 1996.01.11 - 1996.02.29
මේජර් සී වීරතුංග 1996.03.01 - 1996.06.14
ලුතිතන් කර්නල් එච්එම්එච්ඒ හේරත් පීඑස්සී 1996.06.15 - 1997.07.15
ලුතිතන් කර්නල් ඒටී බනගොඩ ආර්එස්පී 1997.07.16 - 1999.12.02
මේජර් එ්ආර් සමරසිංහ 1999.12.03 - 2000.01.24
මේජර් ජේඑන් වික්‍රමාරච්චි 2000.01.25 - 2001.11.28
මේජර් එන්එම් හෙට්ටිආරච්චි පීඑස්සී 2001.11.29 - 2002.02.20
මේජර් එච්පී සෙනෙවිරත්න 2002.02.28 - 2002.08.07
මේජර් එන්එම් හෙට්ටිආරච්චි පීඑස්සී 2002.08.08 - 2003.03.20
ලුතිතන් කර්නල් එන්එම් හෙට්ටිආරච්චි පීඑස්සී 2003.03.21 - 2004.05.10
මේජර් කේඑම්ආර්පී කරුණාතාලක පීඑස්සී 2004.05.11 - 2005.05.13
ලුතිතන් කර්නල් කේඑම්ආර්පී කරුණාතාලක පීඑස්සී 2005.05.14 - 2005.11.02
ලුතිතන් කර්නල් එච්පී සෙනෙවිරත්න 2005.11.03 - 2007.01.03
මේජර් අාර්ජේපී සෙනෙවිරත්න 2007.01.04 - 2007.10.10
ලුතිතන් කර්නල් අාර්ජේපී සෙනෙවිරත්න 2007.10.11 - 2009.02.14
ලුතිතන් කර්නල් එල්එස්පී පෙරේරා 2009.02.15 - 2010.10.09
ලුතිතන් කර්නල් ඩබ්ලිව්ජී ඩයස් 2010.10.10 - 2012.06.24
ලුතිතන් කර්නල් එම්ඒඒජේ කුලරත්න පීඑස්සී 2012.07.16 - 2013.12.05
ලුතිතන් කර්නල් එස්එම් අතුකෝරල පීඑස්සී 2013.12.06 - 2016.02.05
ලුතිතන් කර්නල් ඒකේඩී අදිකාරි 2016.02.06 - 2018.02.28
ලුතිතන් කර්නල් පීපීසී පෙරේරා පීඑස්සී 2018.02.28 - 2020.03.03
ලුතිතන් කර්නල් ඒඑම්ටී අමරකෝන් පීඑස්සී 2020.02.29 - 2020.08.08
ලුතිතන් කර්නල් එම්ඒඩීඑස් මුතුගල යූඑස්පී 2020.08.12 - 2022.02.15
මේජර් ආර්ඩීආර්එම් ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2022.02.17 - 2022.05.18
ලුතිතන් කර්නල් ආර්ඩීආර්එම් ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2022.05.19 – 2023.08.17
මේජර් ඩබ්ලිව්එච්එම්ජේ විජේරත්න යූඑස්පී පීඑස්සී (කා:නි අනි) 2023.08.18 – 2024.08.19
ලුතිතන් කර්නල් ඩීඑස්එල් කුමාරසිරි පීඑස්සී 2024.09.09 සිට මේ දක්වා

ඇමතුම් විස්තර

ස්ථාවර දුරකථන අංකය - 025-2222085
යුහ දිගුව - 53844