Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

25th May 2023 00:00:00 Hours

විශ‍්‍රාම යන බ්‍රිගේඩියර් ජීජීඒ ගුණසේකර යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත භඨපිරිස්හි උත්තමාචාරය

ශ්‍රී ලංකා සංඥා බලකායට අයත් බ්‍රිගේඩියර් ජීජීඒ ගුණසේකර යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී වසර 33 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත කීර්තිමත් සේවාවක් කර 2023 මැයි 25 දින යුධ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලද අතර, විශ්‍රාම ගැනීම නිමිත්තෙන් යුධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පනාගොඩ ශ්‍රී ලංකා සංඥා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

ප්‍රථමයෙන්ම කඳවුරු මුරය පැවැත්වීමෙන් පසුව සංඥා රෙජිමේන්තු ස්මාරකය අභියසදී ශ්‍රී ලංකා සංඥා බලකායේ මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව චාරිත්‍රානුකූලව සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් පිරිනමන ලද සම්මාන පෙළපාලිය තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත පිරිනමන ලදී.

අනතුරුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එස් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුවී සුහද කථාබහක නිරතවිය.

ඉන්පසු තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබූ අතර, එම තේ පැන් සංග්‍රහයෙන් පසු තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහන් තබා එදින මෙම උත්සව අවස්ථාව සඳහා පැමිණි සිට සංඥා බලකායට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සුභ පැතුම් මධ්‍යයේ කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යන ලදී.

යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යාම නිමිත්තෙන් එදින රාත්‍රී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී අති උත්කර්ශවත් අන්දමින් රාත්‍රී භෝජන සංග්‍රහයක් හා සමුගැනීමේ සාදයක් පවත්වා උත්සවයට අදාල වැඩ කටයුතු අවසන් කරන ලදී.