Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

04th March 2023 00:00:00 Hours

සංඥා බලකාධිපති තනතුරෙහි වැඩ භාරගැනීම

මේජර් ජෙනරාල් කේඒඩබිඑස් රත්නායක එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා සංඥා බලකායේ 16 වන බලකාධිපති වශයෙන් 2023.03.04 දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානය, පනාගොඩ හිදි සිය තනතුරෙහි වැඩ භාරගන්නා ලදී.

ඊට සමගාමීව එදින රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන දොරටුව අසලදී මධ්‍යස්ථාන සේනාවිධායක විසින් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු මුරය පිරිනමන ලදී. ඉන් පසුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි මියගිය රණවිරුවන් සිහිකරමින් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.

අනතුරුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙනුවෙන් සම්මාන මුරයක් පවත්වන ලද අතර, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බලකාධිපති තනතුර භාර ගැනීම සනිටුහන් කරනු වස් සදුන් පැලයක් රෝපනය කරන ලදි. පසුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම රෙම දේශන ශාලාවේදී සියළු නිලයින් ඇමතීමෙන් පසුව සෙසුනිල භෝජනාගාරයේදී පවත්වන ලද සියඵ නිල තේපැන් සංග්‍රහය සදහා සහභාගි වන ලදි. ඉන් අනතුරුව නව බලකාධිපති විසින් රෙජිමේන්තු මධ්‍යස්ථාන සාකච්ඡා ශාලාවේදී පැමිණි සිටි සියළුම නිලධාරින් ඇමතීමෙන් පසු නිලධාරි නිවස්නයේදී පැවැත්වූ දිවා භෝජන සංග්‍රහය සදහා සහභාගි වන ලදී.