Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

10th February 2023 00:00:00 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීම වෙනුවෙන් හමුදා ගෞරවාචාර

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු සංඥා බලකායට අයත් මේජර් ජෙනරාල් ඩීඑම්පීපී දසනායක ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත 2023 පෙබරවාරි මස 10 දින සංඥා රෙජිමේන්තුව වෙතින් යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව ගෞරවාචාරය පුදකරන ලදී.

ඒ අනුව, තත් ඡ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් කඳවුරු මුරය පිරිනැමීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රෙම ශ්‍රීලංසංබ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී. ඉන් අනතුරුව සම්මාන මුරය පිරිනැමීමේ අවස්ථාව සඳහා සහභාගී වූ තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී නිල උසස්වීම සංකේතවත් කිරීම වස් කඳවුරු පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කරන ලදී. පසුව, සංඥා බලකායට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ නිලධාරීන් සමග සමූහ ඡායාරූපක් සඳහා පෙනී සිටීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙනුවෙන් රෙම ශ්‍රීලංසංබ නිලධාරි නිවස්නයේදී පවත්වන ලද තේපැන් සංග්‍රහය සඳහා සහභාගිවිය.