Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

28th January 2023 00:00:00 Hours

ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපති - ස්වේච්ඡා සංඥා රෙජිමේන්තුව වෙත පැමිණෙයි

සංඥා බලකා ඒකකයන්හි එකම ස්වේච්ඡා සංඥා රෙජිමේන්තුව වන දෙවන (ස්වේච්ඡ) රෙජිමේන්තුව ශ්‍රීලංකා සංඥා බලකාය වෙත සංඥා නිලධාරි සහ බලකාධිපති වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරාල් එච්එම්එල්ඩි හේරත් විඑස්වි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යේෂඨ නිලධාරි තුමන් 2023 ජනවාරි මස 28 වන දින සංචාරය සිදුකරන ලද අතර මෙය එතුමන් ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපති වශයෙන් රාජකාරි භාරගැනීමෙන් පසු පැමිණි පළමු සංචාරය විය.

ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ලලිත් හේරත් විඑස්වි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යේෂඨ නිලධාරි තුමන් අණදෙන නිලධාරි මේජර් කේවිඒ කොඩිකාර පිඑස්සි විසින් ඉතා උණුසුම් ලෙසපිලිගත් අතර අනතුරුව හමුදා සම්ප්‍රදායානුකුලව කදුවුරු මුරයක් පිරිනමන ලද අතර, ප්‍රධාන සංඥා නිලධාරිතුමන් විසින් සිය සංචාරය සනිටුහන් කරමින් කදවුරු පරිශ්‍රය තුල අඹ පැලයක් රෝපණය කරන ලදි ඉන් අනුතුරුව එත්මන් ඒකකයේ රාජකාරි නිරත නිලධාරින් සහ ප්‍රධාන තනතුරු හොබවනු ලබන ජ්‍යෙකොනොනින් සමග සමුහ ඡායාරූපයකටද පෙනිසිටින ලදි .

ප්‍රධාන සංඥා නිලධාරිතුමන් පිලබද අණදෙන නිලධාරිතුමන් විසින් සිදුකල කෙටි හැදිනවීමකින් අනතුරුව ප්‍රධාන සංඥා නිලධාරිතුමන් ඒකකයේ භටපිරිස් ඇමතීම සිදුකරන ලද අතර එහිදි තම වෘත්තීය ජිවිතය තුල විනය රැකගනිමින් තම වෘත්තිය දිවිය සාර්ථක කරගන්නා අයුරු පෙන්වාදෙන ලදි එමෙන්ම සංඥා බලකායේ ඒකකයන් අතුරින් හොදම බලකාය විමේ වැදගත්කම සහ රාජකාරි ඉටුකිරීමේදි දුෂ්කරතා මගහරවා ගැනීමසදහා උපයෝගි කර ගත හැකි නවෝත්පාදනයන් පිලබදව අවධාරණය කරන ලදි.

ප්‍රධාන සංඥා නිලධාරිතුමන් විසින් කදවුරු සංඤාරයකි සිදුකරමින් ඒකකයේ අවශ්‍යතාවයන් පිලබදව සොයා බලන ලද අතර අණදෙනි නිලධාරිතුමන් විසින් ඒකකයේ කාර්යය භාර්යය පිලබදව හා බලප්‍රදේශයේ සංඥා සම්බන්ධතා සැපයිම් පිලබදව කරුණු ඉදිරිපත් කරන ලද අතර සංචාරය නිමාව සනිටුහන් කරමින් ප්‍රධාන සංඥා නිලධාරි තුමන් විසින් සමරු සටහනක් තබන ලදි.