Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

19th January 2023 00:00:00 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථාන තනතුරෙහි රාජකාරි භාරගැනීම

කර්නල් ඒකේඩී අධිකාරි යූඑස්පී ඡ්‍යෙෂ්ඨ නිළධාරී තුමා සංඥා බලකායෙහි 21 වන රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක වශයෙන් 2023.01.19 දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානය පනාගොඩහිදී නව තනතුරෙහි වැඩ භාරගන්නා ලදි.

එදින තත් ඡ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් කදවුරු මුරයක් පිරිනමන ලද අතර, තත් ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රෙම ශ්‍රීලංසංබ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදි. පසුව සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය සමග සමුහ ඡායාරූපක් සදහා පෙනී සිටීන ලදි.

ඉන් අනතුරුව යෙදී තිබී සුභ මොහොතට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්යාලයේදී ආගමික වතාවත් සිදුකරන අතරතුර සිය තනතුරෙහි වැඩ භාරගන්නා ලදි. පසුව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි රාජකාරි නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතීමෙන් අනතුරුව සමිප්‍රධායානුකූලව පවත්වන ලද සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි වන ලදි.