Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

02nd January 2023 15:38:46 Hours

5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ 29 වන සංවත්සරය

5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය සිය 29 වන සංවත්සරය 2023 ජනවාරි මස 02 වන දින මෙනේරිගම පාදුක්ක කදවුරේදී අති උත්කර්ෂවත් අන්දමින් හා අභිමානයෙන් යුතුව සමරන ලදී. සංවත්සර දින අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්ඒඑල්අයි ජයසේන පීඑස්සී ශ්‍රීලංසංබ ජ්‍යේෂ්ඨ නිලධාරි හට සම්මාන මුරයක් හා සම්මාන පෙලපාලියක් පිරිනමන ලදී. අනතුරුව සංවත්සර දිනය වෙනුවෙන් පැලයක් රෝපණය කිරිම හා සමුහ ඡායාරූපයකට අණදෙන නිලධාරි පෙනී සිටි අතර පසුව සියළු නිල දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී. තවද ඒකක සංවත්සරයට සමගාමීව බලඝන අතර සුහද ක්‍රිකට් තරගාවලියක් හා සියළු නිල සුහද හමුවක්ද පවත්වන ලදී.