Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

04th November 2022 00:00:00 Hours

37 වන ජාතික ඔරු පැදීමේ තරගාවලිය - 2022

ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය (ARASL) විසින් සංවිධානය කරනු ලැබු 37 වන ජාතික ඔරු පැදිමේ තරගාවලිය 2022 නොවැම්බර් මස 04 සහ 05 යන දිනයන්හි බත්තරමුල්ල දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. තරගාවලියේ සියලුම ඉසව් කාන්තා හා පිරිමි කේවල සහ යුගල යන කණ්ඩායම් යටත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාවශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔරු පැදීමේ කිඩා සමාජ, විශ්ව විද්‍යාල සහ පාසල් වලින් ඉදිරිපත් කරන ලද ඔරු පැදිමේ කණ්ඩායම් හි සහභාගිත්වයෙන් පවත්වන ලදි.

සමස්ථ තරගාවලිය ඉසව් 10 යටතේ පවත්වන ලද අත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ කණ්ඩායම විසින් රන්පදක්කම් 7 දිනා ගනිමින් තරගාවලියේ සමස්ථ ශූරතාව දිනාගත් අතර තරගාවලිය පුරා සංඥා බලකා සෙබල සෙබලියන්ගේ දක්ෂතා මනාවට ඉදිරිපත් විය. පහත සදහන් තරග ඉසව් යටතේ සංඥා සෙබල සෙබලියන් විසින් දක්ෂතා දක්වා පදක්කම් දිනාගන්නා ලදි.

මිටර් 2000 පිරිමි Scull (IX) රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්

මිටර් 2000 කාන්තා Quad Less (4-) රන් පදක්කමි 2ක්

මිටර් 2000 කාන්තා Quad (4X) රන්පදක්කමක්

මිටර් 2000 කාන්තා Pair (2-) රිදි පදක්කමක්

මෙම අවස්ථාව සදහා යුධ හමුදා ඔරු පැදිමේ සංචිතයේ ගරු සභාපති මේජර් ජෙනරාල් සංජය වනසිංහ මෙන්ම යුධ හමුදා ඔරු පැදීමේ සංචිතයේ රු උප සභාපති මේජර් ජෙනරාල් උදය හේරත් යන ජේෂඨ නිලධාරින් සහභාගි වන ලදි.

සෙ/287229 සංසෙ නෆිරාන් - 11 ශ්‍රී ලංසංබ විසින් රන්පදක්කමක් දිනාගන්නා ලදි.

සෙ/287510 සංසෙ බණ්ඩාර ඩිපිකේසි - 1ශ්‍රී ලංසංබ විසින් ලෝකඩ පදක්කමක් දිනාගන්නා ලදි.

සෙ/286784 ලා/කෝ මෙන්ඩිස් ටිඅයිඑස් - 1ශ්‍රී ලංසංබ විසින් රන්පදක්කමක් සහ රිදි පදක්කමත දිනාගන්නා ලදි.

සෙ/287147 සංසෙ(කා) වැයිහේනගේ ජේඑච්එස් - 1ශ්‍රී ලංසංබ විසින් රන් පදක්කම් 02 ක් දිනාගන්නා ලදි.