Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

04th November 2022 00:00:00 Hours

මරකරි ක්ලබ්හවුස් සහ ඇඩ්වෙන්චර් පාර්ක් හි කබානා තුනක් සඳහා මුල්ගල තැබීම.

මර්කරි ක්ලබ්හවුස් සහ ඇඩ්වෙන්චර් පාර්ක් හි කබානා තුනක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය 2022 නොවැම්බර් මස 04 වැනි දින මෙනේරිගම 5 වන රෙජිමෙින්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ දී සිදු විය.

යුද්ධ හමුදා සුභසාධන ක්‍රියාමාර්ගවල තවත් එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ මේජර් ජෙනරාල් කේඒඩබිඑස් රත්නායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සංකල්පයකට අනුව මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ, කර්නල් එච්ඩීජේපී වීරතුංග, කර්නල් බීඩී ප්‍රනාන්දු යූඑස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව මුල්ගල් තබන ලදී.

උත්සවය සඳහා සංඥා බලකා රෙජිමේන්තුවල අණදෙන නිලධාරින්, දෙවන අණදෙන නිලධාරින් ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් මෙන්ම සෙසුනිලයින් ද සහභාගී විය.