Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

15th October 2022 00:00:00 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා 79 වන සංවත්සරය සැමරීම

ශ්‍රී ලංකා සංඥා බලකා 79 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය අභියසදී 2022 ඔක්තෝබර් මස 15 වන දින සන්ධ්‍යාවේ පැවැත්විණි.

මෙම රණවිරු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි හා සංඥා බලකාධිපති මේජර් ජේනරල් එච්එමිඑල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි. තවද එම රණවිරු සැමරුම් උත්සවය සදහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන්, විශ්‍රාමික රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් හා මියගිය රණවිරුවන්ගේ ලගම ඥාතීන් සහභාගිවන ලදි.

එදිනම 79 වන සංවත්සර උත්සවයට සමගාමීව ආශිර්වාද පතා සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ගෞරුතර මහා සංඝරත්නය භක්ත්‍යාදරයෙන් සංඥා රෙජිමේන්තුව වෙත වැඩම කරවීමෙන් පැවැත්විණි. එමෙන්ම පසු දින එනම් 2022 ඔක්තොබර් 16 දින උදෑනය මහා සංඝරත්නය උදෙසා සාංගික හීල් දානය පිරිනැමීමෙන් අනතුරුව බෞද්ධ ආගමික උත්සවය සමාප්තියට පත්විය. එම හීල් දානය පූජා කිරීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි හා සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී , ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ මියගිය රණවිරුවන්ගේ ලගම ඥාතීන් පිරිසක් සහභාගී විය.