Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

15th September 2022 00:00:00 Hours

විශ්‍රාම ගැනීම ජ්‍යෙෂ්ඨ නිලධාරි - බ්‍රිගේඩියර් ආර් ඔබේසේකර

වසර 33 ක ආදර්ශමත් සේවා කාලයකින් පසුව 2022 සැප්තැමිබර්15 දින යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

ඊට සමගාමීව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන දොරටුව අසලදී මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගැනීමෙන් පසු කඳවුරු මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මියගිය රණවිරුවන් සිහිකරමින් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී. පසුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙනුවෙන් සම්මාන පෙළපාලියක් පවත්වන ලදී.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එච්.එම්.එල්.ඩී හේරත් ආර්.එස්.පී යූඑස්පී පීඑස්සී සහ සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සුහද හමුවක් පවත්වා ශ්‍රි ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි පැවති තේ පැන් සංග්‍රහයකට එක් විය.

ඉන් අනතුරු රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්යාලය ඉදිරිපිට සිට ප්‍රධාන දොරටුව දක්වා සියළුම නිලධාරීන් සහ සෙසුනිලයින් පෙලගස්වා තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ආචාර දැක්වීමට කටයුතු කරන ලදී. පසුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ප්‍රධාන දොරටුව අසලදී සංඥා බලකා කඳවුර වෙත ආචාර කර කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යන ලදී.

අවසාන වශයෙන් එදිනම එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.