Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

15th September 2022 00:00:00 Hours

නවතමයෙන් ඉදිකරනු ලබන සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන බලලත් නිලධාරී සහ සැරයන් නිවස්න තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම

සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන බලලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ නවතමයෙන් ඉදිකිරීමට යෝජිත තෙමහල් ගොඩනැගිල්ල සඳහා 2022.09.15 දිනට යෙදී තිබූ සුභ මොහොතින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එච් එම් එල් ඩී හේරත් ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මුල්ගල තබන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා සංඥා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ බලලත් නිලධාරී සහ සැරයන් නිවස්න සාමාජිකයින් රැසක් සහභාගි වන ලදී.