Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

24th August 2022 00:00:00 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරීන්ගේ පුහුණු දිනය

සංඥා බලකායේ පුහුණු දිනය 2022 අගෝස්තු මස 24 වන දින රෙජිමේන්තු මූලස්ථානයේදී නිලධාරීන් 150 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපතිගේ උපදෙස් පරිදි පුහුණු දිනයට අදාලව පහත සඳහන් වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන ලදී.

උදෑසන ශාරීරික අභ්‍යාස.

මේජර් සහ පහළ නිලධාරීන් සඳහා සරඹ.

කර්නල් KVP ධම්මික USP ptsc ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පවත්වන ලද උසස් ස්ථීර තර්ජන (සයිබර් ආරක්ෂාව) පිළිබඳ දේශණය.

ආචාර්‍ය ලක්ෂිත පහළගෙදර විසින් මෙහෙයවන ලද නැනෝ ටෙක් පිළිබඳ දේශණය සහ යුධ හමුදාවට එහි ඇති වැදගත්කම.

විනෝදාස්වාද.

පසන් විජේවර්ධන මහතා විසින් පවත්වන ලද ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ දේශණය.

ඉහත සඳහන් කරුණු යටතේ නිලධාරීන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා බලකාධිපතිගේ මඟපෙන්වීම මත බුද්ධිමය සැසි තුනක් පවත්වන ලද අතර, පුහුණු දිනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් සහභාගී වීය.