Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

17th August 2022 00:00:00 Hours

ව්‍යවහාරික තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව (ජාතික වෘත්තීය නිපුණතා දෙවන මට්ටම) සම්පූර්ණ කළ සිසුන් සඳහා සහතික පත්‍ර ප්‍රධානය කිරීම

ව්‍යවහාරික තොරතුරු තාක්‍ෂණය පිළිබද සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන් සඳහා ජාතික වෘත්තීය සුදුසුතා දෙවන මට්ටමේ සහතිකපත්‍ර ප්‍රධානය කිරීම 2022 අගෝස්තු 17 දින සංඥා පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා සංඥා බලකායේ බළකාධිපති සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සහතික පත්‍ර ප්‍රධානය කරන ලදි.

මෙම පාඨමාලාව තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සමඟ අනුබද්ධව ප්‍රථම වරට යුධ හමුදාව වෙත හඳුන්වා දුන් පාඨමාලාවක් වන අතර, ජාතික වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්නායකයන්ට අනුකූලව 2021 දෙසැම්බර් 27 දින සිට දින විසිපහක කාලයක් මෙම පාඨමාලාව මෙම පුහුණු පාසලේදි පවත්වන ලදී. පාඨමාලා කාලසිමාවට අමතරව දින විසිපහක ආයතනික පුහුණුවක්ද සම්පූර්ණ කිරීමෙන් අනතුරුව තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙහි අවසරලත් විභාග පරික්‍ෂකවරුන් විසින් අවසාන න්‍යායක සහ ප්‍රායෝගික පරීක්‍ෂණ පවත්වන ලදී.

යුධ හමුදා සෙබළුන් වෙත තොරතුරු තාක්‍ෂණ දැනුම ලබා දීම තුලින් ස්වකීය වෘත්තීය නිපුණතාවය වර්ධනය කර ගැනිම, කාර්යාලය රාජකාරින් කාර්යක්‍ෂමව හා ගුණාත්මක භාවයෙන් යුක්තව සිදුකිරිම යන කරුණු අරමුණු කර ගනිමින් මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන ලදි.