Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

17th August 2022 00:00:00 Hours

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය පිළිබඳ මූලික සහතිකපත්‍ර පාඨමාලා අංක 127 - විසිර යාමේ පෙළපාලිය

සංඥා බලකා ඉතිහාසයේ ප්‍රථම වරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබද මූලික සහතිකපත්‍ර පාඨමාලා අංක 127 ට අයත් ආධුනික සෙබළුන් එකසිය තිස් දෙදෙනෙකු 2022 අගෝස්තු මස 17 වන දින සංඥා පාසැල් පරිශ්යේදි පෙළපාලියක් මගින් සංඥා ලාංඡන පලඳවා සංඥා සෙබළුන් ලෙස විසිර යන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී හා ශ්‍රී ලංකා සංඥා බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර, රෙජිමේන්තුවෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සංඥා ඒකක අණදෙන නිළධාරීන්ද සහභාගී විය.

උත්සවශ්‍රීයෙන් පැවති මෙම පෙළපාලියෙහි සැම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යාට හිමි කුසලානය සෙ/2121632 ආසෙ රූපසිංහ එල්පිපිඑස් විසින්ද පාඨමාලාවේ දක්‍ෂතම ඛණ්ඩය ලෙස දෙවන ඛණ්ඩයද කුසලාන හිමිකරගන්නා ලදි. ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදුකරන ලද දේශණය තුලදි සංඥා නිල ලාංඡන පැලදු සෙබළ සෙබලියන් වෙත තම සුභාශින්ෂණ පිරිනැමු අතර, ඔවුන්ගේ අනාගත වෘත්තීය අභිවෘර්ධිය වෙනුවෙන් හරවත් උපදෙස් හා මාර්ගෝපදේශනයක් ලබාදෙන ලදි. පෙළපාලියේ සාමාප්තියෙන් පසුව පාඨමාලා සිසුන් විසින් සංඥා මධ්‍යස්ථාන ක්‍රියා පිලිවෙත නිදර්ශක විස්තර කිරිමක් ඉදිරිපත් කරන ලද අතර, මෙහිදි මූලික පරිගණක ජාලයන්, සංවෘත පරිපථ ආරක්‍ෂක කැමරා පද්ධති, රේඩාර්, දුරකථන ජාල සහ ගුවන් විදුලි ඡාලයක ක්‍රියාකාරීත්වය පිළිබඳවද සවිස්තරාත්මක පැහැදිලි කිරිමක් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ඉදිරිපත් කරන ලදි.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිලිබද මූලික සහතික පත්‍ර පාඨමාලාව වැඩ කරන දින හතළිස් අටක කාලයක් තුළ පවත්වන ලද අතර, සිසුන් වෙත සන්නිවේදන සහ තොරතුරු තාක්‍ෂණයේ අත්‍යාවශ්‍ය න්‍යායික දැනුම ලබා ගැනිමටත් ප්‍රායෝගික පුහුණුවිම් වල නිරත විමටත් අවස්ථාව උදාකර දෙන ලදි.