Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

20th July 2022 00:00:00 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා ගෘහස්ථ ඔරු පැදීමේ තරගාවලිය - 2022

ශ්‍රීලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ උපදෙස් හා මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා ගෘහස්ථ ඔරු පැදීමේ තරගාවලිය 2022 ජූලි මස 19 හා 20 යන දෙදින යුහ ශාරිරික අභ්‍යාස පුහුණු පාසල - පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලද අතර, එහි සංවිධායක කටයුතු 11 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා සංඥා බලකාය වෙතින් සිදුකරන ලදී.

මෙම තරගාවලිය සඳහා රෙජිමේන්තු මූලස්ථාන බළඇණි 07 ක් යටතේ සේවයේ කරනු ලබන ක්‍රියාන්විතයේදී ආබාධිත තත්වයට පත්වූ සෙනීන් 29 ක් සහභාගී වූ අතර, එහිදී TA , AS හා LTA යන ආබාධිත කාණ්ඩයන්ට අයත් සෙනීන් කේවල හා කණ්ඩායම් වශයෙන් තරග වැදුනු අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අධ්‍යක්ෂක තත්ව හා ආරක‍්ෂණ පිරික්සුම් බ්‍රිගේඩියර් ඩීඑම්පීපී දසනායක යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් කුසලාන හා සහතික පත් පිරිනැමීම සිදුකරන ලදී.

මෙම තරගාවලියේ සම අනුශූරීන් ලෙස රෙජිමුබ විපාරෙ හා රෙජිමුබ විබ යන රෙජිමේන්තු මුලස්ථාන බලඇණි යටතේ ක්‍රීඩාකරන ලද ක්‍රීඩකයින් විසින් දිනාගන්නා ලද අතර, තරගයේ ශූරතාවය හිමිකර ගන්නා ලද්දේ රෙජිමේන්තු මුලස්ථානය බලඇණිය පාබල රෙජිමේන්තුව විසිනි.