Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

22nd July 2022 21:14:23 Hours

ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය නවීකරණය කරමින් යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් නව මෘදුකාංගයක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය තවදුරටත් පහසු කිරීම සඳහා පසුගිය බදාදා (20) දින නව මෘදුකාංගයක් නිර්මාණය කරනු ලැබීය.

මෙම මෘදුකාංගය නිර්මාණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා සංඥා බලකායේ මෘදුකාංග ඉංජිනේරුවන් වෙත උපදෙස් ලබාදීමෙන් අනතුරුව එම බලකායේ මෘදුකාංග ඉංජිනේරුවන් පිරිසක් එක්ව ‘E-Memo System’ නැමැති මෙම මෘදුකාංගය නිර්මාණය කරනු ලැබීය.

මෙම නව්‍යකරණ මෘදුකාංගය එළිදැක්වීමේ උත්සවය පසුගිය බදාදා (20) දින පැවති අතර, එම අවස්ථාව සඳහා රේගූ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය (විශ්‍රාමික), තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සජිත් ලියනගේ ඇතුළු නිලධාරින් සහ දත්ත ක්‍රියාකරුවන් පිරිසක් ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රේගුව, ජාතික ප්‍රමුඛතාවයක් ලෙස සලකමින් සිය ඩිජිටල්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් සිටින අතර කාර්යාලීය ලිපි ද්‍රව්‍ය සඳහා වන රුපියල් මිලියන 22 ක දැවැන්ත වියදම අවම වශයෙන් 50% ක ප්‍රමාණයකින් අඩුකිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිතා කිරීමට අපේක්‍ෂා කරයි.