Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

16th July 2022 00:00:00 Hours

2 වන සංඥා රෙජිමේන්තු භටපිරිස් රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග එක්වෙයි.

රජය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ආහාර සුරක්ෂිතතා වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙනයමින් ආඥාපති - ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මේජර් ජෙනරාල් සුදත් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 2 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකා භඨ පිරිස් විසින් 2 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකා කදවුරු පරිශ්‍රය තුල පසුගිය සෙනසුරාදා (6) දින දින දෙහි පැල වගාකිරිමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි.

මෙම ව්‍යපෘතිය මගින් දෙහි පැල 1000ක ප්‍රමාණයක් 2 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකා කදවුරු පරිශ්‍රය තුල වගාකිරීම මෙම වැඩ සටහනින් බලාපොරොත්තු වන අතර මෙම ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාව සදහා 2 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් බුද්ධික උඩගේ යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් ආඥාපති - ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මේජර් ජෙනරාල් සුදත් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්බන්ධ වු අතර ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසු නිලයින් රාශියකගේ සහභාගිත්වයෙන් ආරම්භක අවස්ථාව සනිටුහන් විය.

මෙම වැඩසටහන මගින් ඉදිරියේදි ඇති විය හැකි ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරනු ලැබේ.