Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

28th June 2022 00:00:00 Hours

සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක විසින් 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බළකාය තුල සිදුකරනු ලැබු සංචාරය

සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් කටයුතු කරනු ලබන බ්‍රිග්‍රේඩියර් ජිඑස් ෆොන්සේකා යූඑස්පි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.06.28 වන දින සිය පළමු ඒකක සංචාරය 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ සිදුකරන ලදී.

7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්ඒඩි ගමගෙදර යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක උණුසුම් ලෙස පිළිගත් අතර, යුද හමුදා චාරිත්‍රානුකූලව ඇතුළුවීමේ දොරටුව අභියසදී සම්මාන මුරයක් පිරිනමන ලදී.

අනතුරුව ඒකකයේ මෙන්ම බළප්‍රදේශයේ පවතින පාලන ගැටළු සබැදිව සවිස්තරාත්මක විස්තරයක් අණදෙන නිලධාරි විසින් රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක වෙත දැනුවත් කරන ලදී.

ඉන් පසු, මධ්‍යස්ථාන සේනාවිධායක විසින් මෙම ඒකකයේ අඹ පැලයක් රෝපණය කිරිමෙන් අනතුරුව, මේ දක්වා ලබාගත් සිය වෘත්තීයම අත්දැකිම් සහ දැනට රටතුල උද්ගතව ඇති තත්වයට අනුව හැඩගැසෙමින් තමන්ගේ හමුදාමය සහ සිවිල් ජීවිතය ගතකල යුතු ආකාරය සබැදිව ඉතා වැදගත් දේශණයක් සියළුම නිලධාරි/සෙසු නිලයින් හට පවත්වන ලදී. සිය දේශණය අවසානයේ අණදෙන නිලධාරි විසින් මධ්‍යස්ථාන සේනාවිධායකගේ සංචාරය සනිටුවහන් කරමින් සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදී. ඉන් අනතුරුව සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් තේපැන් සංග්‍රහයක් පිළියෙල කල අතර, එහිදි මධ්‍යස්ථාන සේනාවිධායක විසින් සියළු නිලයින් සමග සුහද පිළිසදරක යෙදෙන ලදී.

අවසන් වශයෙන් මධ්‍යස්ථාන සේනාවිධායක විසින් සියළු නිළධාරින් සමග එක්ව දිවා භෝජණ සංග්‍රහය භුක්තිවිදි අතර, ඔහුගේ වටිනා අදහස් ඒකක සමරු සටහන් පොතට එක් කිරීමට කටයුතු කරන ලදි.