Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

07th June 2022 10:03:00 Hours

සංඥා බලකාධිපති තනතුරෙන් නික්ම යාම හා යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම

ශ්‍රී ලංකා සංඥා බලකායේ 14 වන බලකාධිපති ලෙස රාජකාරි ඉටුකල මේජර් ජෙනරාල් පීඒජේ පීරිස් (විශ්‍රාමික) එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි වසර 35 ක ආදර්ශමත් සේවා කාලයකින් පසුව 2022.06.05 දින යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

ඊට සමගාමීව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන දොරටුව අසලදී මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගැනීමෙන් පසු කඳවුරු මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මියගිය රණවිරුවන් සිහිකරමින් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී. පසුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙනුවෙන් සම්මාන මුරයක් පවත්වන ලදී.

තත් ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ විශ්‍රාම ගැනීම වෙනුවෙන් බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නය වෙතින් තේපැන් සංග්‍රහයක් පවත්වන ලදී.ඉන් පසුව සෙසුනිල භෝජනාගාරය තුළ සියළු නිලයින් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් අතීතය ආවර්ජනය කරමින් සියළු නිලයින් අමතන ලදී.

ඉන් අනතුරු රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්යාලය ඉදිරිපිට සිට ප්‍රධාන දොරටුව දක්වා සියළුම නිලධාරීන් සහ සෙසුනිලයින් පෙලගස්වා තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ආචාර දැක්වීමට කටයුතු කරන ලදී. පසුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ප්‍රධාන දොරටුව අසලදී සංඥා බලකා කඳවුර වෙත ආචාර කර කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යන ලදී.

අවසාන වශයෙන් එදිනම එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.