Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

05th June 2022 11:47:40 Hours

ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපතිතුමාගේ 9 ශ්‍රීලංසංබ අවසන් ඒකක සංචාරය

නුදුරේදි විශ්‍රාම යාමට නියමිත ප්‍රධාන සංඥා නිලධාරි සහ සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් පීඒජේ පීරිස් එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022 මැයි 29 වන දින කිලිනොච්චියේ පිහිටි 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ අවසන් සංචාරය සිදුකරන ලදි.

ඒකකයේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් බීඑම්එම්බී හේරත් ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ප්‍රධාන සංඥා නිලධාරි හා සංඥා බලකාධිපතිතුමන් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ඒ වෙනුවෙන් ඒකකය වෙතින් සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ ඒකක සංචාරය සනිටුහන් කරනු පිණිස මතක සැමරුමක් වශයෙන් පැළයක් සිටුවිමෙන් අනතුරුව සියලු නිලයන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනි සිටින ලදී. ඉන් අනතුරුව ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් පීඒජේ පීරිස් එන්ඩියු විසින් මෙම ඒකකයේ භඨ පිරිස් ඇමතිම නෙළුම්පියස ශ්‍රවණාගාරයෙදි සිදුකරන ලදි. එම දේශණය අවසානයේ අණදෙන නිළධාරී සහ සියලුම නිලයන් විසින් ඔහුගේ හමුදා දිවිය තුළ සිදු කරන ලද විශීෂ්ඨ සේවය අගයමින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

ඉන් පසු එම සියළු නිලයන් විසින් සකස් කරන ලද තේ පැන් සංග්‍රාහයට සහභාගි වෙමින් නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ අදහස් හුවමාරු කරගනිමින් සුහද පිළිසඳරක යෙදිනි.

අවසාන වශයෙන් ප්‍රධාන සංඥා නිලධාරි හා සංඥා බලකාධිපති සියලුම නිලධාරීන් සමඟ නිවාඩු නිකේතනයේ දි දිවා ආහාරය සඳහා එක්වු අතර, සිය අවසන් කඳවුරු සංචාරය සිහිකරනු වස් අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් තබන ලදි.