Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

26th November 2019 11:39:48 Hours

3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් නිවේදන තරඟාවලිය 2019 හි 1 වන සහ 4 වන ස්ථාන ලබා ගනී

3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් 2019 ඔක්තෝබර් 30 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) හි පැවති නිවේදන තරඟාවලිය 2019 හි අවසන් තරඟයේදී 1 වන සහ 4 වන ස්ථාන දිනා ගන්නා ලදී.

පළමු ස්ථානය මාණ්ඩලික සැරයන් සේනරත් ආර්පීඅයි විසින් දිනා ගත් අතර 4 වන ස්ථානය සැරයන් ගුණතිලක ඒඑම්එස් විසින් දිනා ගන්නා ලදී. ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) හි මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ උපදෙස් පරිදි මෙම නිවේදන තරඟාවලිය සංවිධානය කර පවත්වනු ලැබුවේ අදාළ වගකීම් ක්ෂේත්‍රයේ සිටින සෙබළුන්ගේ සැඟවුණු කුසලතා සොයා ගැනීම සහ වැඩි දියුණු කිරීම සඳහා වන අතර මෙම තේරීම් සඳහා සහභාගී වූ 44 දෙනාගේ දක්ෂතා විනිශ්චය කිරීම සඳහා ජනමාධ්‍යයේ විවිධ ක්ෂේත්‍රවලින් විශේෂ විනිශ්චය මණ්ඩලයක් පැමිණියේය.

ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග පිරිනැමීමේ විශේෂ උත්සවයක් 2019 නොවැම්බර් මස 4 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) හිදී යුද්ධ හමුදාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.