Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

9 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය

කුරිරු ත්‍රස්තවාදින්ට එරෙහිව සිදුකරනු ලැබු මානුෂිය මෙහෙයුමේ පාබල සේනාංකයන්ට සංඥා සම්බන්ධතාවය ලබාදීමේ මුලික අරමුණින් වර්ෂ 2008 ජුලි 15 වන දින මෙම ඒකකය සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල නගාසිටුවන ලදි. ඒ අනුව 58 වන පාබල සේනාංකය යටතේ වර්ෂ 2008 අගෝස්තු 07 වන දින මන්නාරම තල්අඩි ප්‍රදේශයේද, වර්ෂ 2009 පෙබරවාරි 05 වන දින පරන්තන් ප්‍රදේශයේ ද ස්ථානගතවිය. වර්ෂ 2009 අප්‍රේල් මස 25 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය යටතේ හා පසුව 1 බලකාය යටතේ පුරා වසර 13 ක කාලසීමාවක් කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ ස්ථානගතව සංඥා සම්බන්ධතාවය ලබාදීම සිදුකරන ලදි.

යුධමය සහ යුධමය නොවන සෑම අවස්ථාවකදීම විද්‍යුත් සංග්‍රාමික ක්‍රියාන්විතයන්හි අවශ්‍යතාවය ශ්‍රීලංකා යුද්ධ හමුදාව මැනවින් හදුනාගැනීමෙන් අනතුරුව එතෙක් පැවති විද්‍යුත් සංග්‍රාමික බලඝණය වෙනුවට 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය විද්‍යුත් සංග්‍රාමික ඒකකයක් වශයෙන් ප්‍රතිස්ථාපනය කල අතර, එහි ප්‍රථිපලයක් වශයෙන් මෙම ඒකකය ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ, ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ 2 වන සංඥා බලසේනා මුලස්ථානයේ (බල ප්‍රවර්ධන හා ප්‍රක්ශේපන නියාමන) සෘජු අධික්ෂණය යටතේ වර්ෂ 2024 අප්‍රේල් මස 01 වන දින මුලතිව් ප්‍රදේශයේ ස්ථානගතව මේ වන විට භූමිය හා ගුවන පාදක කර ගනිමින් සියළුම විද්‍යුත් සංග්‍රාමික පරාසයන්ට අදාලව වෘත්තිමය රාජකාරි සිදු කරනු ලබයි.

මේජර් ඩීඑම්පීපී දසනායක 2008.07.15 - 2009.05.23
ලුතිතන් කර්නල් කේඒඩබ්ලිව්එස් රත්නායක 2009.05.23 - 2011.01.01
ලුතිතන් කර්නල් බීඩීසී ජයසිංහ පීඑස්සී 2011.01.01- 2012.10.23
ලුතිතන් කර්නල් සීපී අරන්ගල්ල පීඑස්සී 2012.10.23 - 2013.01.12
ලුතිතන් කර්නල් ඒපී වික්‍රමසේකර පීඑස්සී 2013.01.12 - 2014.06.20
ලුතිතන් කර්නල් ජීසීවී ප්‍රනන්දු 2014.06.21 - 2016.07.28
ලුතිතන් කර්නල් පීඩබ්ලිව්එම්එම්ඩී විජේරත්න ආර්එස්පී යූඑස්පි 2016.07.28 - 2018.08.04
ලුතිතන් කර්නල් එම්කේජී පෙරේරා ආර්එස්පී යූඑස්පි 2018.07.28 - 2020.08.07
ලුතිතන් කර්නල් එම්පීසීබී ජයශාන්ත යූඑස්පී 2020.08.08 - 2022.02.10
මේජර් බීඑම්එම්බී හේරත් ආර්එස්පී යූඑස්පි 2022.02.11 - 2022.05.18
ලුතිතන් කර්නල් බීඑම්එම්බී හේරත් ආර්එස්පී යූඑස්පි 2022.05.18 - 2023.08.21
මේජර් කේඒම්අයිපී හේමපාල යුඒස්පී පීඒස්සී 2023.08.21 - 2024.08.19
මේජර් ආර්එම්කේයුකේ රත්නායක යුඑස්පී 2024.09.10 - 2025.02.20
ලුතිතන් කර්නල් ආර්එම්කේයුකේ රත්නායක යුඑස්පී 2025.02.21 සිට මේ දක්වා

ඇමතුම් විස්තර

ස්ථාවර දුරකථන අංකය - 021-2284940
යුහ දිගුව - 73608