ශ්‍රී ලංකා සංඥා බලකාය 1943 ඔක්තෝබර් 19 වන දින ස්වේච්චා බලකායක් ලෙස නංවන ලදී. නිත්‍ය සංඥා බලකායක් සමගින් සිලෝන් ආරÌක හමුදාව නිදහසින් පසු පිහිටුවන ලදී. ශ්‍රී ලංකා හමුදාවේ ව්‍යාප්තියත් සමග සංඥා බලකාය රෙජිමේන්තුවක් ලෙස උසස් කරණ ලද අතර 1958 ඔක්තෝබර් 14 වන දින ශ්‍රී ලංකා සංඥා බලකායේ පළමුවන රෙජිමේන්තුව පිහිටුවනු ලදී. 1994 වනතුරු පළමුවන රෙජිමේන්තුව පනාගොඩ ප්‍රදේශයේ පිහිටුවා තිබුණි. ශ්‍රී ලංකාවේ ත්‍රස්ථවාදය උග්‍ර වීමත් සමග යුධ හමුදාව තවදුරටත් ව්‍යාප්ත වූ අතර මෙහෙයුම් අවශ්‍යතාවයන් වලට මුහුණ දීම සදහා සියලු රෙජිමේන්තු නැවත පිහිටුවන ලදී. ශ්‍රී ලංකා සංඥා බලකායේ පළමුවන රෙජිමේන්තුව ද නැගෙනහිර ප්‍රෙද්ශයේ සන්නිවේදන වගකීම් පැවරීම සදහා මඩකලපුවෙහි නැවත පිහිටුවන ලදී. 1996 දෙසැම්බර් පළමුවන දින නැගෙනහිර පලාත් උපායශීලී භූමි බල ප්‍රෙද්ශය තුල සන්නිවේදන පහසුකම සැපයීම සදහාත් අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි ඉටු කිරීම සදහාත් (එහි සම්භාව්‍ය කාර්ය භාර්යට අමතරව) ශ්‍රී ලංකා සංඥා බලකායේ පළමුවන රෙජිමේන්තුව මහසෙන්පුර සහ මින්නේරියෙහි නැවත පිහිටුවන ලදී.
1996 දෙසැම්බර් පළමුවන දින නැගෙනහිර පළාත් උපායශීලී භූමි බල ප්‍රෙද්ශය තුළ සන්නිවේදන පහසුකම සැපයීම සදහාත් අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි ඉටුකිරීම සදහාත් (එහි සම්භාව්‍ය කාර්යයභාරයට අමතරව) ශ්‍රී ලංකා සංඥා බලකායේ පළමුවන රෙජිමේන්තුව මහසෙන්පුර සහ මින්නේරිය හි නැවත පිහිටුවන ලදී.
ඒකකය සදහා වෙන් කරණ ලද ඉඩම කැළෑ ප්‍රෙද්ශයක් වූ අතර එය කදිම කදවුරකට පරිවර්තනය විය.2008 නොවැම්බර් 15 වන දින, නැගෙනහිර පලාත සහ රට LTTE ත්‍රසථවාදයෙන් මුදවා ගැනීමේ මානුශීය මෙහෙයුම සදහා වූ සන්නිවේදන සැළසුම සපුරා ගැනීම සදහා ඒකක වැලිකන්ද වෙත ස්ථානය වෙනස් කරන ලදී.නැගෙනහිර පලාත LTTE යෙන් මුදවා ගැනීමෙන් පසු වහාම රෙජිමේන්තුව ඔඩ්ඩුසුඩාන් හි නැවත පිහිටුවන ලද්දේ වන්නි ප්‍රෙද්ශයේ මානුශීය මෙහෙයුම් වල අවසන් සටන සදහා සන්නිවේදනය සැපයීම සදහාය.
2009 මැයි මාසයේදී රට LTTE ග්‍රහනයෙන් මුදාගැනීමෙන් පසු මුලතිව් හි වට්ටප්පලායි ප්‍රදේශයේ අක්කර 50 ක ඝන කලෑ ප්‍රදේශයක් ඒකකය සදහා වෙන් කරන ලද අතර එහිදී ආරක්ෂක සේනා මූලස්ථානය (මුගතිව්) යටතේ එහි මූලස්ථානය පිහිටුවීමට කටයුතු කරන ලදී 2009 සැප්තැම්බර් 30වන දින, රෙජිමේන්තුව මගින් මෙම කැළය ක්‍රමානුනුකූලව කදවුරක් බවට නිසි සැලසුම් සහිතව පරිවර්ථනය කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යතායෝග්‍ය ප්‍රමාණකරන සැලසුමට අනුව මුලතිව් ප්‍රදේශයේ ස්ථාන ගතව තිබූ 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය 2024 අප්‍රේල් මස 01 වන දින මීට ප්‍රථම 09 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය ස්ථානගතව තිබූ ඉරණමඩු, කිලිනොච්චිය කදවුරෙහි ස්ථානගත කරන ලදී. ඒ අනුව, දැනට 1 බලකාය යටතේ ඇති සියලුම පාබල සේනාංක, පාබල බලසේනා, ඒකක හා පුහුණු පාසල් වෙත සංඥා සම්බන්ධතාවයන් ලබා දෙමින් රාජකාරි ඉටු කරනු ලබයි.
මෙම කාල වකවානු වලදී පහත සදහන් නිලධාරීන් ශ්‍රී ලංකා සංඥා බලකායේ පළමුවන රෙජිමේන්තුවට අණදෙන ලදී.
ලුතිතන් කර්නල් ඩීවී බ්‍රෝහියර් | 01.10.1958 - 30.09.1962 |
ලුතිතන් කර්නල් සීටී කල්දේරා | 01.10.1962 - 30.06.1965 |
ලුතිතන් කර්නල් සීඑෆ් ප්‍රනාන්දු | 01.07.1965 - 16.08.1967 |
ලුතිතන් කර්නල් එල්ජේඅයි ප්‍රනාන්දු | 17.08.1967 - 14.07.1970 |
ලුතිතන් කර්නල් සීටී කල්දේරා | 15.07.1970 - 31.10.1972 |
ලුතිතන් කර්නල් ඩබ්ලිව්ජේවීකේ ප්‍රනාන්දු | 01.11.1972 - 01.04.1978 |
ලුතිතන් කර්නල් ඩීඑස්ඩබ්ලිව් කුරුප්පු | 02.04.1978 - 07.08.1979 |
ලුතිතන් කර්නල් සීජේ අබේරත්න | 08.08.1979 - 30.01.1985 |
ලුතිතන් කර්නල් එෆ්එස්ජේ ද සිල්වා | 01.02.1985 - 21.12.1988 |
ලුතිතන් කර්නල් කේඒ ඥාණවීර | 22.12.1988 - 14.02.1990 |
ලුතිතන් කර්නල් එම්ඒ විපුලගුණ | 15.02.1990 - 31.05.1991 |
ලුතිතන් කර්නල් එච්ජීඑන් පද්මසිරි | 01.06.1991 - 20.09.1992 |
ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඩීඑන් ප්‍රේමසිරි | 21.09.1992 - 31.12.1994 |
ලුතිතන් කර්නල් ටීඑෆ් මීඩින් ආර්එස්පී | 01.01.1995 - 06.03.1997 |
ලුතිතන් කර්නල් ආර්ඒ කඩුවෙල | 07.03.1997 - 30.03.1999 |
ලුතිතන් කර්නල් ආර්වීඒ ඇඹුල්දෙනිය | 31.03.1999 - 19.01.2001 |
ලුතිතන් කර්නල් ආර්ඒඑස් රණසිංහ | 20.01.2001 - 31.12.2002 |
ලුතිතන් කර්නල් ඩී එ්කනායක | 01.01.2003 - 28.01.2005 |
ලුතිතන් කර්නල් එම්ටී වෛද්‍යරත්න | 29.01.2005 - 31.10.2006 |
ලුතිතන් කර්නල් ඩබ්ලිව්පීඒකේ තිලකරත්න පීඑස්සී | 01.11.2006 - 15.08.2008 |
ලුතිතන් කර්නල් පීඒජේ පීරිස් | 16.08.2008 - 20.08.2009 |
ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඒසීඑන් වරකාගොඩ පීඑස්සී | 03.09.2009 - 02.12.2010 |
ලුතිතන් කර්නල් ආර් ඇල්විටිගල | 03.12.2010 - 15.03.2012 |
ලුතිතන් කර්නල් බීඩබ්ලිව්එම්ජේඒ ප්‍රේමදාස ආර්එස්පී | 16.03.2012 - 18.10.2013 |
ලුතිතන් කර්නල් අයිඑච්එම්ආර්කේ හේරත් යූඑස්පී පීඑස්සී | 19.10.2013 - 03.04.2016 |
ලුතිතන් කර්නල් එස්ජේකේඩී ජයවර්ධන පීඑස්සී | 04.04.2016 - 20.02.2018 |
ලුතිතන් කර්නල් ටීඑස් ලියනගුණවර්ධන | 04.03.2018 - 07.03.2020 |
ලුතිතන් කර්නල් එච්ජීජේටී පෙරේරා ආර්එස්පී | 08.03.2020 - 26.09.2021 |
ලුතිතන් කර්නල් පීඒආර් ඇන්තනීස් පීඑස්සී | 29.09.2021 - 27.03.2023 |
මේජර් ජීටීකේ ද සිල්වා ආර්එස්පී යූඑස්පී එල්එස්සී | 27.03.2023 - 23.10.2024 |
මේජර් ජේඑම්ඩීකේ මධුචන්ද්‍ර යූඑස්පී | 23.10.2024 - මේ දක්වා |
ඇමතුම් විස්තර
ස්ථාවර දුරකථන අංකය - 021-2291952
යුහ දිගුව - 52497