Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

01st September 2022 00:00:00 Hours

අන්තර් සංඥා ඒකක මළල ක්‍රීඩා තරගාවලිය - 2022

අන්තර් සංඥා ඒකක මළල ක්‍රීඩා තරගාවලිය - 2022 ජවන සහ පිටිය තරග ඉසව් සදහා තම ඒකක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර - මහජන ක්‍රීඩාංගනයේදි 2022.09.01 දින ආරරම්භ විය.

දෙදිනක් පුරා පැවති තරග රැසකින් අනතුරුව 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්‍රීඩිකාවන් සමස්ථ තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත්වි ශුරතා කුසලානය හිමිකරගත් අතර දෙවැනි ස්ථානය 9 වන රෙජිමේන්තුව ශ්‍රීලංකා සංඥා බලකාය හිමිකරගත් අතර, තෙවන ස්ථානය 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය සහ 4 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය හිමිකර ගන්නා ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවු බ්‍රිගේඩියර් ඒපි වික්‍රමසේකර යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය සුභ පැතුම් ප්‍රකාශ කල අතර ක්‍රීඩකයන් හට කුසලාන සහ සහතිකපත් බෙදාදෙන ලදි. 21 පාසේමු කර්නල් සම්බන්ධිකරණ නිලධාරි(ස්වේච්ඡා), කර්නල් එච්ඩබ්කේඑස් වඩුගොඩ ජ්‍යෙෂ්ඨ නිලධාරි ද ත්‍යාග ප්‍රධානය කිරීම සහ සමාප්ති උත්සවය සදහා සම්බන්ධ විය.