Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th July 2024 18:18:40 Hours

56 සේනාංක භට පිරිස් යුධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය සනිටුහන් කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් 56 සේනාංක භට පිරිස් විසින් පැළ 1390 ක් (නා, මී, මහෝගනී, හල්මිල්ල)සිටුවීමේ වැඩසටහන් 56 පාබල සේනාංක බළප්‍රදේශයේදීපවත්වන ලදි. මෙහි ප්‍රධාන උත්සවයආලංකුලම වන රක්ෂීත ප්‍රදේශයේ අත්හැර දැමූ භූමියක මල්ලාවි ජාතික පාසල සහ තෝරන්කණ්ඩාල් මහ විද්‍යාලයේ සිසුන්‚වන සංරක්ෂණ නිලධාරින්‚ රාජ්‍ය නිලධාරීන් සහ ගම් වැසියන්ගේ සහභාගිත්වයෙන් 2024 ජූලි මස 12 වන දින පවත්වන ලදි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ සංකල්පයකට සහ 56 සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන පවත්වන ලදි.

මෙම අවස්ථාව සදහා සේනාංකාධිපති 56 සේනාංකය‚ 561 බළසේනාධිපති‚ අණදෙන නිලධාරි 10 ශ්‍රීලපාහ‚ තුනුක්කායි ප්‍රාදේශීය සභා සහකාර ලේකම් එස් නිත්‍යා මහත්මිය‚ මල්ලාවි මූලික රෝහලේ වෛද්‍ය සී ප්‍රදීප්‚ වන සංරක්ෂණ දෙපාර්තමේනතු නිලධාරීන්‚ මල්ලාවි පොලිස් ස්ථාන නිලධාරීන්‚ජ්‍යෙෂ්ඨ නිලධාරීන්‚ නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වන ලදි.