Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th July 2024 16:59:13 Hours

2024 ජූලි මස 08 වන ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති තුමාගේ 56 වන පාබල සේනාංක කඳවුරු සංචාරය

ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) වශයෙන් නවතමයෙන් රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරාල් ජේපීසී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 ජූලි මස 08 වන දින 56 පාබල සේනාංකයේ කඳවුර සංකේතාත්මකව සංචාරය සිදුකරන ලදී. පළමුව කඳවුරු සම්මාන මුරය පිළිගැනීමෙන් අනතුරුව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගැනීමෙන් පසු නියෝජ්‍ය සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන් සහ සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරීන් රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් අතුලු සියළුම නිලයින් ආමන්ත්‍රණය කර නව ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති තුමන්ගේ දැක්ම සහ ක්‍රියාපිළිවෙත සහ නිලධාරින්/සෙසුනිලයින් විසින් ඉටුකලයුතු රාජකාරීන් පිළිබඳව දැනුවත් කරන ලදී.

ඉක්බිතිව කඳවුරු සංචාරය සංකේතවත් කරමින් අඹ පැලයක් රෝපණය කිරීමෙන් අනතුරුව සමුහ ඡායාරූපය සහ 56 පාබල සේනාංක බළප්‍රදේශයෙහි ක්‍රියාන්විත සහ සිවිල් සම්බන්ධීකරණ වැඩසටහන් සබැඳිව සකස් කරන ලද ඉදිරිපත් කිරීම 56 පාබල සේනාංකාධිපති විසින් ඉදිරිපත් කිරීමෙන් පසු 561, 562 සහ 563 පාබල බළසේනා කඳවුරු සංචාරයන් සහ ඉදිරිපත් කිරීම් සඳහා සහභාගි වන ලදී.

මෙම අවස්ථාව සඳහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති, නියෝජ්‍ය සේනාංකාධිපති, 561,562 සහ 563 බළසේනාධිපතිවරුන්, කර්නල් ප්‍රමානි සහ කර්නල් පාලන/භකාස - ආසේමු (වන්නි), සහ 56 පාබල සේනාංකයේ මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්, යටතේ පාලනය වන ඒකකයන්හි සියළුම අණදෙන නිලධාරි වරුන් ඇතුළු සියළුම නිලධාරීන් සහ සේනාංක සැරයන් මේජර් ඇතුළු යටතේ පාලනය වන පාබල බසේමු සහ ඒකකයන්හි රෙජිමේන්තු සැරයන් මේජර් වරුන්, ජෙකොනොනීන්, කොනොනීන්, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන් සහභාගි වන ලදී.