?
01st December 2025 21:11:08 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංකයට අයත් 223 පාබල බළසේනා මුළස්ථාන බලප්‍රදේශයේ ඇතිවු අධික වර්ෂාව හේතුවෙන් කන්ඩල්ඉත්තු, රාල්කුලි, ගම්මානයේ ගංවතුර ආපදාවට ලක්ව සිටි සිවිල් වැසියන් 36 දෙනකුගෙන් සමන්විත පිරිසක් 22 වන පාසේමු සේනාංකාධිපති මේජර් මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.30 වන දින 15 වන ශ්‍රිලංකා පාබල රෙජිමේන්තුවට අයත් 00X04ක භඨ පිරිසක් විසින් ක්‍රියාකාරීව සම්බන්ධ වී ගංවතුරට මැදිව සිටි අදාල සිවිල් වැසියන් පිරිස මුදවා ගැනිමට කටයුතු සිදුකරන ලදි.
ඒ අනුව 15 ශ්‍රිලපාහ රෙජිමේන්තුවට අයත් භඨ පිරිස් විසින් මහත් පරිශ්‍රමයක් දරා එම සිවිල් වැසියන් පිරිස මුදවාගෙන ආරක්ෂිත ස්ථානයන් වෙත යොමු කිරිමට කටයුතු සිදුකරන ලදි.