?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd April 2025 06:13:07 Hours

12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමලුව විසින් පෙරියවඩ්ඩුවාන් කන්නගි ප්‍රාථමික පාසලේ ළමුන් සදහා පාසල් උපකරණ සහ දිවා ආහාර වේලක් ලබාදෙයි.

ආඥාපති ආරක්ෂක සේනා (නැගෙනහිර) මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ, 232 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුව විසින් 2025 අප්‍රේල් 21 වන දින මඩ/කේකේ පෙරියවඩ්ඩුවාන් කන්නගි ප්‍රාථමික පාසලේදී පාසල් උපකරණ සහ දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කළේය.

මෙම වැඩසටහන සදහා ව්‍යාපෘති කළමනාකරු එඩ්වඩ් සහ ක්‍රිස්ටි සමාගමේ මූල්‍ය සහයෝගය ඇතිව දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ දිවා ආහාර බෙදාදීමෙන් පසු 232 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් එම පාසලේ නව ජල සැපයුම් පද්ධතියක්ද විවෘත කළේය.

මෙම සුභසාධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා, 232 පාබල බලසේනාවේ බලසේනාධිපති, 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, අනෙකුත් නිලයන්, පරිත්‍යාගශීලීන් සහ කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.