Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය

ශ්‍රමය ජාතියක ජීවයයි

12th April 2018 09:47:02 Hours

රෙජිමේන්තු දෙවන සංවත්සර උත්සවය පැවැත්වීම

2018 පෙබරවාරි මස 16 දිනට රෙජිමේන්තු මධ්‍යස්ථානයට වසර 02ක් සපිරුණු අතර, ඒ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි. වත්මන් මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේසී ධර්මසේන ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් සිදුකල එම සංවත්සර සැමරුම් අතර, සම්මාන මුරයක් පිරිනැමීම හා සියලු නිළ භෝජන සංග්‍රහයක් පැවැත්වීම ප්‍රධාන වශයෙන් සිදුවිය. තවද මීට සමගාමීව ක්‍රිඩා උත්සවයක් ද 2018.02.14 දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.