Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

ඡනාධිපති වර්ණ/ රෙජිමේන්තු වර්ණ

වර්ණ පුරානය

ශත වර්ෂ ගණනාවකට පෙරාතුව ජනයා විවිධ පාරම්පරික ගෝත‍්‍රවලට බෙදී ජිවත් වු බව ඉතිහාසය පෙන්නුම් කරයි. යම් යම් හේතුන් මත මෙම ගෝත‍්‍ර අතර අවුල් වියවුල් ඇති විය. එමෙන්ම මෙම ගෝත‍්‍රික සටන් වලදි සිය ගෝත‍්‍ර හදුන්වන ලාංඡුන සහිත කොඩියක් සටන් බිමට ගෙන යාම පුරුද්දක් බවට පත්වි තිබුණි. ස්වකිය ස්ථානය පෙන්නුම් කිරිම සදහා අවශ්‍ය විටෙක එක් රැුස්විය යුතු ස්ථානය හැදින්විම සදහා තම ගෝත‍්‍ර ලංඡුන සමඟ මෙම කොඩිය ප‍්‍රයෝජනයට ගත්හ.

මධ්‍යතන යුගයේ ජනතාව හමුදාව වශයෙන් සටන් වැදි අවස්ථාවල මෙම ක‍්‍රමය තව දුරටත් විකාශනය වි හමුදා සංවිධානවල ලාංඡුන සහිත ධජ පාවිච්චි කිරිම ආරම්භ වුහ. 17 වන සියවස පමණ වන විට යුධ හමුදා සංස්ථා අනුව වෙන් කරන ලදුව එක් එක් සංස්ථාවට වෙන් වුනු විශේෂ ලාංඡුන මගින් වෙන් වෙන්ව හදුනා ගැනිමේ ක‍්‍රමයක් භාවිතයට එක්විය. විවධ රටවල මෙවැනි හමුදාවන් සටන් වැදුණු අවස්ථාවන්හිදි සිය ධජ සංකේත ලෙළදවමින් ගමන් කිරිම අභිමානයක් ලෙස ඔවුන් සැලකුහ.

ක‍්‍රි: පු 1751 වන විට පාබල හමුදාවන්ට වර්ණ දෙකකට හිමිකම් ලැබිමට අවස්ථාව උදාවි තිබුණි. එනම් හමුදාවන්හි එඩිතර බව හා චිත්ත ධෛර්ය ප‍්‍රශංසාවට ලක් කිරිම වස් රටේ රජු විසින් පිරිනැමුණු රාජ්‍ය වර්ණ සහ රෙජිමේන්තු වර්ණ වේ.

අති විශේෂ අවස්ථාවන්ට මුහුණ දුන් රෙජිමේන්තු වලට එම වීරත්වයට සැලකිමක් වශයෙන් ප‍්‍රදානය කෙරුණු විශේෂ වර්ණ ද සහිතව ඇතැම් රෙජිමේන්තු වර්ණ 3 කට හිමිකම් ලැබුහ. සහ රෝයල්, හයිලෑන්ඞ් ෆයුසිලියන් රෙජිමේන්තු මෙයට උදාහරණවේි . සෑම සටන් පෙරමුණකම මෙම වර්ණ ධජ ගෙන යාම එකල පැවති සිරිත වේ . යම් කිසි සටනකදී එක් පසෙක ධජයක් සතුරු පිරිසට පත්විම ඔවුන්ගේ පරාජයේ සංකේතය විය. 1881 දකුණු අප‍්‍රිකානු බෝර් යුද්ධය දක්වා සටන් බිමේ ධජ රැුගෙන යාමේ සිරිත නොකඩවා පැවතුණි.

පසු කාලීනව වර්ණ ප‍්‍රදානය ඒ ඒ රෙජිමේන්තුවල විශිෂ්ට සේවා සහ උසස් චිත්ත ධෛර්ය වෙනුවෙන් කෙරෙන සම්මාන පිදිමක් බවට පත්විය. ඒ නිසාම අති විශේෂ අවස්ථාවන්හිදි පමණක් ප‍්‍රදර්ශනය කරන පුජනීය වස්තුවක් බවට වර්ණ ධජ පත්විය. වර්ණ ලැබිම යුධ හමුදා සංස්ථාවකට සිය සේවා කාලය තුල ලැබිය හැකි උසස්ම සම්මානය බවට පත්ව ඇත. රෙජිමේන්තු කාර්යය සාදනය තුලින් පෙන්නුම් කොට ඇති පැසසුම් කටයුතු ධෛර්යය බව රටේ පාලකයන් සහ ජනතාව විසින් ප‍්‍රශංසාවට ලක් කෙරුණු බව විදහා දක්වන සංකේතය වර්ණ ප‍්‍රදානයයි.

ශි‍්‍ර ලංකාද්විපයේ ස්වෛරිභාවය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිදු කලා වු අනුපමය මෙහෙවර උදෙසා 1980 අගෝස්තු මස 15 වන දින ශි‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජන රජයේ එවකට ජනාධිපති ධුරය හෙබවු ජේ ආර් ජයවර්ධන ශි‍්‍රමතානන් විසින් ගැමණු හේවා බලකායට ඒකක හා ජනාධිපති වර්ණ පිලිගන්වන ලද අතර, ඊට වසර 32 කට පසු නැවත වර්ණ ප‍්‍රතිප‍්‍රදානය කරනු ලැබු අවස්ථාවේ දශක තුනක් පුරා දිව ගිය කුරිරු ත‍්‍රස්තවාදය පරාජය කිරිමට සිදුකලා වු උත්තරිතර සේවය වෙනුවෙන් රෙජිමේන්තු වර්ණ ද ප‍්‍රදානය කරන ලදි. මෙසේ ඒකක වර්ණ ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ දිනු ශි‍්‍ර ලංකාවේ එකම යුධ හමුදා රෙජිමේන්තුව වන්නේ ගැමුණු හේවා බලකාය බව මෙහිලා සදහන් කරනුයේ මහත් අභිමානයෙනි. ශි‍්‍ර ලාංකීය ඓතිහාසික පුරාවෘත්තයේ ගැමුණු නාමය රන් අකුරින් සටහන් වී ඇත. ගැමුණු බළඇණි විසින් සාඩම්බරයෙන් රකිනු ලැබුයේ එකි ගෞරවනීය නාමයයි. අප බලකාය වෙත වර්ණ ලබා දිමෙන් ශි‍්‍ර ලාංකේය ජනතාව අප වෙත පලකලා වු එම අභිමානවත් වු කෘතඥතාවය එකමුතු බවෙන් හා එඩිතර බවෙන් යුතුව ආරක්‍ෂා කරන බැව් ගැමුණු හේවා බලකායේ සෙබලූ වන අප සපත කර සිටින්නෙමු


ජනාධිපති වර්ණ ධජය වර්ණ ධජයේ ප‍්‍රමිතිය

ශ‍්‍රි ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජයේ ධජය සිංහ කොඩිය වේ. රටක්, ජාතියක්, ප‍්‍රදේශයක්, හදුනාගැනීම සඳහා කොඩි භාවිතා කරන ලද්දේ ඈත අතිතයේ සිටය. විජය කුමරුගේ ලංකා ගමනය දැක්වෙන සාංචි කැටයමක සිංහ කොඩියක සටහනක් දැක්වීමෙන් සිංහයා ආදී සිංහලයන්ගේ ගෝත‍්‍ර ලකුණ වු බව සිතිය හැකිය. එම ගෝත‍්‍ර සලකුණ එදා සිට යම් යම් වෙනස්කම් වලට භාජනය වෙමින් පැවති බව පෙනේ. සිංහ සලකුණත් බුදු දහමත් අතර පවතින්නේ සුවිශේෂ සම්බන්‍ධතාවයකි. බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය සිංහ විලාසය නිරූපනය කලේ වැඩ සිටින ආසනයේ සිංහ රුවක් කැටයම් කිරීමෙනි. මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ් සිංහ රුවෙන් නිරූපනය කෙරෙන්නේ දකුණු දිසාවයි. සඳකඩ පහනේ ද, කොරවක් ගල්වල ද, මල් ආසනවල ද, ස්තූප ගර්භවල ද විහාර දේවාල උළුවහුවල ද සිංහ රූ දක්නට ලැබේ. නිශ්ශංක මල්ල රජුගේ ආසනය ද ශෛලමය සිංහ රුවකි. සිංහ කොඩියේ දැනට ඇති දකුණතින් කඩුවක් ගත් සිංහ ලාංඡුනය ශ‍්‍රි වික‍්‍රම රාජසිංහ රජුගේ කොඩියේ වු ලාංඡනයයි.

අප ඉංග‍්‍රිසීන්ට යටත් වු පසු සිංහ කොඩියේ මුලූ හතරට බීක්කු හතරක් එක්විය. අපේ රටට නිදහස ලැබීමෙන් පසු එම කොඩියේ වම් කෙලවරට තැඹිලි පාට තීරයක් හා කොළ පාට තීරයක් එක්වීය. තැඹිලි පාට ද්‍රවිඩ ජාතිය වෙනුවෙනි. කොළ පාට මුස්ලිම් ජාතිය වෙනුවෙනි. බීක්කු හතර වෙනුවට බෝ පත් හතරක් එක්විය. බෝපත් හතර බුද්ධාගම නියෝජනය කිරීම සඳහායි. (මෙත්තා,කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ‍්‍රහ්ම විහරන* වර්තමාන සිංහ කොඩියහි දැක්වෙන සිංහයාගේ කේසර 24 කි. එයින් දසරාජධර්ම, දස සක්විති වත් සහ සතර සංග‍්‍රහ වස්තු අදහස් කෙරේ. වර්ණ ධජයේ තැඹිිලි පාට සහ කොළ පාට වර්ණයන් මධ්‍යයේ රාජ්‍ය ලාංඡුනය යොදා ඇත. එම ලාංඡුනයෙහි සිංහයා ජාතික සංකේතය හා ඒ වටා ඇති නෙලූම් පෙති වලින් පාරිශුද්ධ බවත් පහතින් නෙලූම් මලක් දරා සිටින පුන්කලස පරිපූර්ණබව ද දෙපසට විහිදි ඇති වී කරල් දෙක මගින් සෞභාග්‍ය හා සශ‍්‍රික බව ද ධර්ම චක‍්‍රය මගින් අටලෝ දහමින් නොසෙල්වන ධාර්මික බව හා ඉර හඳ මගින් පැවැත්මේ ස්ථිර බව පිළිබිඹු කරයි. සමස්තයක් වශයෙන් බෞද්ධ සිංහල ජාතිය ඉර හඳ පවතිනතාක්කල් සශ‍්‍රිකත්වයෙන් පරිපූර්ණ වු සෞභාග්‍යමත් ජාතියක්ව දිනේවායි යන්න රාජ්‍ය ලාංඡුනය මගින් පිළිබිඹු කරයි. වර්ණ ධජයේ වර්ණ හිස කොටස රාජ්‍ය ලාංඡුනය හා ඊට පහලින් සඳකඩ පහනට අයත් සත්ව රූප හා ලියවැල් යොදා රන් ආලේපිතව සකසා ඇත. යෂ්ඨිය ශක්තිමත් දැව වර්ගයකින් සාදාගන්නා ලද හෙල්ලක් විටක් හැඩයගත් කොටසක් සේ මෙය නිර්මානය කර ඇත. උසින් අඩි 08 ක් වන අතර, ඉහල කෙලවර හා පහල කෙලවර පිත්තල කොටස් වලින් නිර්මානය කර ඇත. වර්ණ උරහිස් පලදනාව වර්ණ ධජ පෙළපාලිවල රැුගෙන යාමේදී නිලධාරීන් සඳහා පැළඳගෙන යාමට සුදු වර්ණ සහිතව සවිමත් සමකින් සකස්කර ඇත. වර්ණ රඳවනය වර්ණ ස්ථානගත කරන අවස්ථාවලදි රඳවා තැබීම සඳහා ලී වලින් සකස් කරන ලද මෙම උපකරණය වර්ණයන්හි ජ්‍යෙෂ්ඨතාවය මත රැුඳවීමට හැකිවන පරිදි සකසා ඇත.


රෙජිමේන්තු වර්ණ ධජයේ ප‍්‍රමිතිය

රෙජිමේන්තු ධජය යෝධ බල ශක්තිය ඇතිව සිව්කොණ වේලායුධ සතරකින් කොඩිය මධ්‍යයේ දැක්වෙන අභිමානයෙන් පරිපුර්ණ වු පිල් විදහාගත් මොණරා යොදා ඇත. ඉන් පැරණි රණශුරත්වය පිළිඹිබු කරයි. එයිනුත් ලංකාවේ ජාතික වීරයෙකු වන දුටු ගැමුණු රජ තුමන් වටා ගෙතුනු රණශුරත්වය වඩාත් ඔප නංවයි. ධජයේ වර්ණයට සලකුණක් එක්වු කල එම පැරණි යුද සම්ප‍්‍රදායේ විශිෂ්ඨත්වය මැනවින් හුවා දක්වයි. ලංකාවේ රණශුර සෙන්පතියෙකුගේ විරෝධාර ක‍්‍රියා පිළිඹිබු කරන මෙම ධජය ගැමුණු හේවා බලඇණියේ හේවායින්ට එම වීරෝධාර රණශුර සම්ප‍්‍රදාය ඉස්මතු කොට පෙරමුණට යෑමට දිරිගැන්වීමක් ද වේ. පිලිවෙලින් බළඇණියට හා රෙජිමේන්තු සලකුනට මුල්වු ගැමුණු හා මොණරා නම් වල ඇති උත්කෘෂ්ඨත්‍වය එක්තැන් කොට විදහා දක්වන්නක් හැටියට මෙම ධජය වැජඹේ.

රන්වන් කහ, රතු, සුදු හා නිල් වර්ණය යන වර්ණ වලින් මෙම ධජය නිමවා ඇත. වර්ණ ධජය පිලියෙල කර ඇත්තේ නමින් ඉතා වටිනා සිනිදු සේල රෙදි වර්ගයකිනි. එය රන් වාටියකින් ද රන් හා ලෝහිත පැහැති එල්ලෙන ටැපාමා නුල් කැබලිවලින් ද සරසා ඇත. රන්වන් කහ වර්ණය ඉතා බලසම්පන්න හමුදාවක් ගොඩනැංවු දුටුගැමුණු රජුගේ උපන්බිම වු රුහුණු රටට ආවේණික වු වර්ණයයි. රතු වර්ණය විජයග‍්‍රාහි බව දක්වන වර්ණය වන අතර, ඒකකයේ ජයග‍්‍රාහි බව දක්වනුයේ මෙම වර්ණයෙනිි. සුදු වර්ණය පිරිසිදු භාවය හා නිවැරදි භාවය දක්වන වර්ණය වන අතර එයින් සම්පුර්ණ විජයග‍්‍රාහි බව ද ගෙන දක්වයි. නිල් වර්ණය දුටු ගැමුණු රජු කතරගම දෙවියන් හා මොණරා අතර ඇති ත‍්‍රිවිධ සම්බන්‍ධතාවය විදහා දක්වයි. ඉර සහ සඳ රෙජිමේන්තු වර්ණයන් තුල යෙදවීමෙන් පෙන්වා ඇත්තේ බළඇණිය සදාකල් පවතින බව ස්ථිර කිරීමට හා සෙබලූන් දිවා රැු දෙකෙහිම සේවය සඳහා සුදානමින් සිටින බව පෙන්වීමයි. ආදිකාලයේ නිර්මාණය කර ඇති ධජයන්ගේ ද හිරු ස`දු සඳහන් කිරීම චාරිත‍්‍රයක්ව තිබුණි. දුටුගැමුණු රජුගේ රාජකීය ධජයේ ද මෙය ඇතුලත්ව තිබුනි.

ධජයේ වම් කෙලවරින් ඇති වේලායුද දහයෙන් පිළිඹිබු කරනුයේ දුටු ගැමුණු රජුගේ නන්දමිත‍්‍ර, සුරනිමල, මහසෝන, ගෝඨයිම්භර, තේරපුත්ථාභය, භරන, වේලූසුමන, ඛන්චදේව, පුස්සදේව, ලභිය වසභ යන දසමහා යෝධයින් වේ. ධජයේ පිල්විදහාගත් මොණරා ලාංඡුනයට පහලින් ඒකකය හා එහි අංකය සඳහන්ව ඇත. වර්ණ හිස රාජ්‍ය ලාංඡුනය හා ඊට පහලින් යුධ හමුදා ලාංඡුනය හා පිල් විදහාගත් මොණර ලාංඡුන හතරක් මත ර`දවා ඇති අතර, මෙය රන් ආලේපිතව නිමවා ඇත. යෂ්ඨිය ශක්තිමත් දැව වර්ගයකින් සාදාගන්නා ලද හෙල්ලක් විටක් හැඩයගත් කොටසක් සේ මෙය නිර්මානය කර ඇත. උසින් අඩි 08 ක් වන අතර, ඉහළ කෙලවර හා පහල කෙලවර පිත්තල කොටස් වලින් නිර්මාණය කර ඇත. වර්ණ උරහිස් පලදනාව වර්ණ ධජ පෙළපාලිවල රැුගෙන යාමේදි නිලධාරීන් සඳහා පැළඳගෙන යාමට සුදු වර්ණ සහිතව සවීමත් සමකින් සකස්කර ඇත. වර්ණ රඳවනය වර්ණ ස්ථානගත කරන අවස්ථාවල රඳවා තැබීම සඳහා ලී වලින් සකස් කරන ලද මෙම උපකරණය වර්ණයන්හි ජේ්‍යෂ්ඨතාවය මත රැුඳවීමට හැකිවන පරිදි සකසා ඇත.