Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

26th October 2023 08:34:57 Hours

ගැමුණු හේවා සේවා වනිතා ශාඛාව විසින් තම දරුවන් අධාපන කටයුතු සඳහා දිරිගැන්වීම

මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි මනෝරී වෙලගෙදර මැතිණියගේ මගපෙන්වීම සහ සේවා වනිතා ශාඛා සාමාජිකාවන්ගේ දායකත්වයෙන් 2023 ඔක්තෝබර් මස 19 වන දින ගැමුණු හේවා බලකායට අයත් නිලධාරි හා සෙසුනිලයන්ගේ දූ දරුවන් අතරින් අපොස (උ/පෙළ) විභාගය ඉහලින් සමත් දූ දරුවන් ඇගයීම සඳහා ඔවුන් හට ශිෂ්‍යාධාර පිරිනමන ලදි.

අනතුරුව 2023/2024 වර්ෂයේ අපොස (සා/පෙළ) සහ (උ/පෙළ) විභාග සඳහා පෙනීසිටීමට නියමිත දරුවන් දිරිගැන්වීම හා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර් ථක කරගැනීම සඳහා පාසල් පොත් ලබාදීම සිදුකරන ලදි.

එමෙන්ම එම සිසුන් හා මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිටින සෙනින් හට ආධ්‍යාත්මික සංවර්ධනය තුලින් තම ජිවිතය සාර් ථක කරගැනීම සඳහා ඉතාමත් වටිනා හරවත් රටෙහි පවතින නීතිය පිළිබඳව සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැලකී සිටිම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයකට සම්බන්ධ කරවීම සිදුකල ලද අතර, ඔවුන් සඳහා තේ පැන් සංග්‍රහයක් සහ දිවා ආහාරය ලබාදී මෙම රෙජිමේන්තු මද්‍යස්ථානයේදී සිදු කරන ලදි.