Header Sinhala

ගැමුණු හේවා බළඇණිය

නොනැවතී ඉදිරියට

13th September 2023 07:03:38 Hours

4 වන මාලි සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි දෙවන අධියරේ භඨපිරිස් දිවයිනට පැමිණිම

4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම යටතේ මාලි රාජ්‍ය වෙත රපෝර් තු කරවා සිටි භඨ පිරිස් අතුරින් දෙවන අධියරේ භඨපිරිස් 2023 අගෝස්තු මස 31 වන දින ශ්‍රි ලංකා ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත පැමිණෙන ලදි. එක්සත් ජාතින්ගේ (UN) බහුමාන ඒකාබද්ධ ස්ථායිකරන සාමසාධක මෙහෙයුමෙහි සේවය කිරිමෙන් අනතුරුව 12 x 61 ක භඨපිරිස් ප්‍රමාණයක් 2023 අගෝස්තු මස 31 වන දින 1215 පැයට ශ්‍රි ලංකා ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපොල පර් යන්තය වෙතින් දිවයිනට පැමිණෙන ලදි.

එම අවස්ථාව සදහා පැමිණි 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි RSP ndc psc, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්බිජේකේ විමලරත්න RWP RSP විදේශිය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ ජේ ්‍යෂ්ඨ නිලධාරින්, ගමන් පාලන අධ්‍යක්ෂක මණ්ඩලයේ ජේ ්‍ය්‍යෂ්ඨ නිලධාරින් සහ ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය නියෝජනය වන පරිදි සහභාගිවි සිටි සියළුම නිලධාරින් මාලි රාජ්‍යයේ සිට ශ්‍රි ලංකා ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපල පර් යන්තය වෙත පැමිණි භඨ පිරිස් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැමිණි ජේ ්‍යෂ්ඨ නිලධාරින් සමුහ ඡායාරූපයකටද එක් විය.